ප‍්‍රංශයේ ක‍්‍රියාත්මක එල්ටිටිඊ දෙමළ බෙදුම්වාදි සංවිධානයට අනුබද්ධ ප‍්‍රංශ දෙමළ නම්  සංවිධානය යුද්ධයෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් සිහි කිරීමේ උත්සවයක් පැවැත්වීය. පැරීසියට නුදුරින් පිහිටි ආර්ජොන්තොයිල් නගර සභා බල ප‍්‍රදේශයට අයත් ශෙරීස් නම් උද්‍යානයේ කුඩා බිම් කොටසක් මිලට ගෙන එහි ස්මාරකයක් තනවා විශාල දමිළ ජනතාවකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

අසූව දශකයේ එල්ටිටිඊ සංවිධානය වෙනුවෙන් මියගිය තිලීපන්ගේ ඡායාරූපයක් ස්මාරකයේ ඇත්තේය. දෙමළ ඊලාම් ජනතාවගේ නිදහස වෙනුවෙන් බඩගින්නේ මියගිය තිලීපන් ද, යුද සමයේ නිදහස වෙනුවෙන් දිවි පිදු ශ්‍රී ලාංකිකයන් ද සිහිපත් කිරීම බව එම ඵලකයේ ප‍්‍රංශ භාෂාවෙන් සටහන්ව ඇත්තේය. ඔහුගේ 29 වැනි සිහිපත් කිරීමේ උත්සවය පසුගිය ඔක්තෝබර් 3 වැනි ඉරුදින ආර්ජොන්තොයිල් උද්‍යානයේදි සිදුවිය.

එම ප‍්‍රදේශයේ නගරාධිපති ප‍්‍රංශ දක්ෂිණාංශික පක්ෂයේ ජෝර්ජ් මොත්රන් හා එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සමාජවාදි පක්ෂයේ පිලිප් ඩුසේ මෙම උත්සවයේ ප‍්‍රධාන අමුත්තෝ වුහ.  එල්ටිටිඊ ප‍්‍රධාන ක‍්‍රියාකාරීහු බොහෝමයක් පැමිණ සිටියහ. උත්සව භූමිය කොටි ධජ වලින් සරසා තිබුණේය. ආරාධිත විශේෂ අමුත්තෝ එම ධජ යට දේශන පැවැත් වුහ. පසුගිය වසරේ මෙම උත්සවය මෙම ස්ථානයේ පැවැත් වුවද කොටි ධජ ප‍්‍රදර්ශනය නොකළේය. එනමුදු මෙවර එම ධජ වලින් උත්සව භූමිය සරසා තිබුණේය. ත‍්‍රස්තවාදි ලැයිස්තුවට ඇතුළත් තහනම් සංවිධානයක අනු ශාඛාවක් මෙලෙස හැසිරෙන්නේ කෙසේද යන්න බොහෝ දෙනාගේ විමතියට හේතුවකි. 

01 02 04 05 06 10