දිවි සුරකින යන්ත්‍ර වල බලයෙන් රොහලේ සිටින දකුණු අපි‍්‍රකා හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ සුව දුක් විමසීමට ඇමරිකා ජනපති බැරක් ඔබමා අද පස්වරුවේ දකුණු අප්‍රිකාව වෙත ගියේය.

දකුණු අපි‍්‍රකාවට ආවත් තමන් මැන්ඩෙලා හමු නොවන බව ඔහු මාධ්‍ය වෙත පවසා ඇත.

අසාධ්‍යව සිටින මැන්ඩෙලා සිටිනරෝහල අවට විශාල පිරිසක් රැස්ව සිටිති.

දකුණු අපි‍්‍රකාවේ වර්ණභේදවාදය තුරන් කිරීමේ පුරෝගාමියා ලෙස කටයුතු කළ නෙල්සන් මැන්ඩෙලා දකුණු අපි‍්‍රකාවේ ප්‍රථම කළු ජාතික  ජනපතිවරයා ය.

මැන්ඩෙලා යනු ලෝකයේ සිටින උත්කෘෂ්ඨ වීරයෙක් බව ඔබාමා පසුගියදා පැවසුවේය.

ඔහුට කෙලින්ම අපට කතා කල නොහැකි වූවත් ඔහුගේ පවුලේ අයට අපගේ කණගාටුව දැක්විය යතු බවද ඔබාමා පවසා ඇත.

ඔබමා සහ මැන්‍ඩෙලා යන චරිත දෙකම කළු ජාතිකයන් වන අතර ඔවුන්ගේ රටවල් දෙකේම පළමු කළු ජාතික ජනාධිපතිවරු  ද  ඔවුහුය.