
අවශ්‍ය නම් දිවි තොර කරගන්න ප්‍රංශ වැසියන්ට නීතියෙන් අවසර ලබා දීමේ පනත් කෙටුම්පතට, එරට පාර්ලිමේන්තුවේ අවසරය හිමිවී තිබේ.
මීට අදාළ ආන්දෝලනාත්මක පනත් කෙටුම්පත, ප්‍රංශ පාර්ලිමේන්තුව හමුවේ සම්මත වූයේ වසර ගණනාවක් පුරා පැවති දේශපාලන හා සමාජීය විවාදවලින් අනතුරුවය.
පනත් කෙටුම්පතට පක්ෂව මන්ත්‍රීවරුන් 291 දෙනකු ඡන්දය ප්‍රකාශ කළ අතර, විරුද්ධව ඡන්ද 241ක් ලැබුණු බව ද පැවැසෙයි. පනත් කෙටුම්පත අවසන් වශයෙන් නීතියක් බවට පත්වීමට පෙර එහි වගන්ති ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න පරීක්ෂා කිරීම සඳහා ව්‍යවස්ථාපිත කවුන්සිලය වෙත යොමු කිරීමට නියමිත බව ද පැවැසෙයි.
මීට පෙර ප්‍රංශ පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාව මෙම යෝජනාව කිහිප වතාවක්ම ප්‍රතික්ෂේප විය. සම්මත වුවහොත්, මෙම නව පනතට අනුව, මෙම ‘සහනය’ හිමිවන්නේ සුව කළ නොහැකි මාරාන්තික රෝගයක අවසාන අදියරේ පසුවන ප්‍රංශයේ වැඩිහිටි රෝගීන්ට පමණි.
දිවි තොර කැ ගැනීමට කැමැත්තෙන් පසුවන තැනැත්තා, ප්‍රතිකාර මඟින් සමනය කළ නොහැකි දැඩි ශාරීරික හෝ මානසික වේදනාවකින් අඛණ්ඩව පෙළෙන රෝගියකු විය යුතුය. තමන්ගේම කැමැත්තෙන් දිවි තොර කර ගැනීමට වෛද්‍යවරයකු වෙත නිල ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය. එම ඉල්ලීම සම්බන්ධයෙන් දින 15ක් ඇතුළත වෛද්‍යවරයා තීරණයක් ගත යුතු බව ද පැවැසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd