
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ පොලිස් රථ පෙළකටත්, පොලිස් මුරපොළකටත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීහු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වුණු බවත් 34 දෙනකු තුවාල ලැබූ බවත් පැවැසෙයි.
තුවාල ලැබූ පොලිස් නිලධාරීන් කඩිනමින් රෝහල් වෙත රැගෙන යෑම සිදුවුණු බවත් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දුන් බවත් පැවැසෙයි. තුවාල ලැබූ පොලිස් නිලධාරීන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද පැවැසෙයි. ප්‍රහාරය එල්ල කළේ ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්තවාදීන් යැයි පාකිස්තාන ආරක්ෂක අංශ අවධාරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd