
දකුණු ඉරානයේ අහ්වාස් නුවර ළමා රෝහලකට පහර දුන් ඇමෙරිකන් ඩ්‍රෝන යානය ප්‍රතිප්‍රහාර එල්ල කරමින් බිම දැමීමට තම ආරක්ෂක අංශ සමත් වූ බව ඉරානය පැවැසීය.
ළමා රෝහලට ප්‍රහර දුන්නේ, ඇමෙරිකන් හමුදාව සතු ‘එම්කියු9’ වර්ගලයේ නියමුවන් රහිත ඩ්‍රෝන යානයයි. මෙය ප්‍රබල ඩ්‍රෝන යානයකි. ඔත්තු නිරීක්ෂණ කටයුතු සඳහාත් ඇමෙරිකන් ආරක්ෂක අංශ මෙවැනි ඩ්‍රෝන යානා භාවිතයට ගනී.
ප්‍රහාරය එල්ල වූයේ පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් වෙන් කළ, ඔවුන්ට ප්‍රතිකාර ලබා දෙන ෂහීද් බගේයි නමැති රෝහලටය. ප්‍රහාරයක් එල්ල වේවි යැයි කල් තියා දැනගත් ඉරාන බුද්ධි අංශ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගිය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇමෙරිකාව සහ ඉරානය අතරේ යළි ගැටුම්කාරී තත්ත්වයක් වර්ධනය වූයේ පසුගිය සතියේ සිටය. දෙපාර්ශ්වය අතරේ අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම ද ඒ අනුව අවලංගු විය. තමන් වාසියවක් නොමැති නම්, එම අවබෝධතා ගිවිසුමෙන් පලක් නැතැයි ඉරානය ඇමෙරිකාවට දන්වා ඇත.
යළි ආරම්භ වුණු ඇමෙරිකන් ගුවන් ප්‍රහාරවලින් මේ වනවිට ඉරාන වැසියන් 34 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 300 දෙනකු තුවාල ලබා සිටින බවත් ඉරාන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd