
වෙනිසියුලාවට පසුගිය ජූනි 24 වැනිදා බලපෑ ප්‍රබල භූමිකම්පා හේතුවෙන් මියගිය ගණන 4,850 ක් යැයි එරට බලධාරීහු පවසති. භූමිකම්පාවෙන් තුවාල ලැබූ ගණන 16,740 ක් බවත්, භූමිකම්පාව හේතුවෙන් උන්හිටිතැන් අහිමිවූ ගණන 20,857 ක් බවත් වෙනිසියුලා බලධාරීහු පවසති.
ඉකුත් ජූනි 24 වැනිදා, වෙනිසියුලාව කැලඹූවේ රික්ටර් පරිමාණයේ ඒකක 7.2 ක් සහ 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමිකම්පා දෙකකිනි. පසුකම්පන සිය ගණනක් ද ඉන්පසු හටගත්තේය. භූමිකම්පාවෙන් දරුණු ලෙස හානි සිදුවූයේ ලා ගුරියා පළාතටය.
උන්හිටිතැන් අහිමිවූවන් සරණාගත කඳවුරුවල රැඳී සිටින බවත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන බවත් වෙනිසියුලා බලධාරිහු වැඩිදුරටත් පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd