
යුද උණුසුම හමුවේ, හොඳ හිත පෙන්වීමක් ලෙස, ඉරාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටි ඉරාන සම්භවයක් ඇති ඇමෙරිකන් කාන්තාවට ඉරාන රජය නිදහස ලබා දුන් බව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.
ඩේනා කරාරී මෙම කාන්තාව ඉරාන අත්අඩංගුවට පත්වුණු බව පැවැසෙන්නේ 2024 වසරේදීය. ඇය ළමා සුබසාධන ආයතනයක සාමාජිකාවකි.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ඩේනා කරාරී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔත්තු බැලීමේ චෝදනා එල්ල කරමිණි. නිදහස ලැබූ ඇය ඇමෙරිකාව බලා පැමිණි බව ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත. ‘ඇය ආරක්ෂිතයි.
ඇය ආරක්ෂිතව ආපසු ඇමෙරිකාවට ආවා. ඉරානය ඇය නිදහස් කළේ හොඳහිත පෙන්වීමක් වශයෙන්. එය අප අගය කරනවා’ යැයි ජනාධිපති ට්‍රම්ප්, ඩේනා කරාරීට නිදහස ලැබීම සම්බන්ධයෙන් සිය ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් පැහැදිලි කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd