IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


උතුරු කොරියානු නායකයා දුම් බොනවා රටම දකී

උතුරු කොරියානු නායක කිම් ජොංග් ප්‍රසිද්ධ ස්ථානයක දුම්පානය කරන අවස්ථාවක් පිළිබද උතුරු කොරියාවේ මෙන්ම ලෝකයේම අවධානය යොමු වී තිබේ. දුම්පානය විරෝධී ව්‍යාපාරයක් රට තුල ක්‍රියාත්මක වන අවධියේම ඔහු මෙලෙස ක්‍රියා කිරීම පිළිබඳ බොහෝ මිනිසුන් විරෝධය පල කරයි. ප්යොංයැං හි ළමා කඳවුරක සංචාරයක් අතරතුර ඔහුගේ දකුණු අතේ දුම්වැටියක් දැක්වෙන අවස්ථාවක් එරට රාජ්‍ය මාධ්‍ය ඔස්සේ විකාශනය විය. පුවත්පත් වාර්තා අනුව දුම්පානය කිරීම ඔහුගේ පුරුද්දක් වන අතර අළු බදුනක් සැමවිටම ඔහුගේ මේසය මත තිබෙන බව සදහන් වේ. කැමරාවට ඇති බිය නිසා ඔහු නිල රාජකාරි කටයුතු වලදී දුම්බීම නතර කර ඇති අතර පසු ගිය මාර්තු මස ද කිම් ප්‍රසිද්ධියේ දුම්පානය කිරීමක් වාර්තා විය. ඒ උතුරු කොරියානු රොකට් මෝටර් යන්ත්‍ර පුහුණුවක් අතරතුරදීය. ඔහුගේ පියා වන කිම් ජොංග්-ඉල් ද අධික ලෙස දුම්පානයට ඇබ්බැහි වී සිටි අයෙක් බවට වාර්තා වෙයි. රටේ උත්තරීතර නායකයා මෙලෙස ක්‍රියාකිරීම අසෝබන බවට එරට විචාරකයෝ පවසති ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි උතුරු කොරියානු ජනගහනයෙන් හරි අඩක් 2012 වන විට දුම් පැනයට ඇබ්බැහි වී තිබේ. එය ආසියාවේ ඉහලම අගයන් වලින් එකක් බවට විචාරකයෝ පවසති.



අදහස් (0)

උතුරු කොරියානු නායකයා දුම් බොනවා රටම දකී

ගුණේ Saturday, 11 June 2016 07:48 PM

කෙලෙස්බරිත සත්වයෝ බහුතරයම දවල් මිගෙල් රෑ දැනියෙල් තමයි. පුදුම වෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

මංජරි Sunday, 12 June 2016 04:18 AM

කොහොමොටත් ඕනෑම තැනක පළමු ස්ථානය තියෙන්නේ දේශපාලනයට. සෞඛ්‍යයට අඩු තක්සේරුවක්. ටිකක් හිතලා බලන්න වරද කොහෙද කියලා (නි)

:       0       0

මැගී Friday, 10 June 2016 11:08 PM

දේවාලයේ කපුවා හෝ පුතා දේවාලයේ පැහැරුවට පවක් නැතිලුනේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 10 June 2016 11:42 PM

හුඟාක් නායකයෝ ඔහොම තමයි. මතකනේ අපෙත් කාලයක් තිබුනේ මතට තිත කියලා (නි)

:       0       0

සෙනරත් Saturday, 11 June 2016 02:51 PM

අපේ රටෙත් මතට තිත කියලා කිව්වට මෙවර බදු පැනවීමේදී මත්පැන් වලට සහනය දීලා තියෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1599 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1385 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site