දකුණු අමෙරිකාවේ බටහිර වෙරළේ පිහිටි ඉක්වදෝරයේ ජනයා එකතුවී දිනක් ඇතුළත වැඩිම ශාඛ ප්‍රමාණයක් රෝපණය කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සෙනසුරාදා සමත් වූ බව ඒ.එෆ්.පී පුවත් සේවය කියයි.

එදින දහස් ගණනක පිරිසක් ගස් 647,250 ක් රෝපණය කළ බව ඉක්වදෝර ජනාධිපති රෆායල් කොරියා පවසයි.

ඇමසන් වනාන්තරය, ඇන්ඩීස් කඳුවැටියෙන්ද සමන්විත ඉක්වදෝරයේ වනාන්තර බහුල වෙති.

වන ප්‍රතිරෝපණය කිරීමේ වැඩසටහනක් ලෙස විවිධ වර්ගයේ පැල වගාකරමින් ඉක්වදෝරයේ සෑම ප්‍රදේශයකම රුක් රෝපණය සිදුවූ බවත් ජනපති කීවේය. පරිසර අමාත්‍ය ලොරේනා තාපියා ට්ව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් කීවේ 44,883 දෙනකු හෙක්ටයාර 2000 කට වැඩි බිම් ප්‍රමාණයක් වගා කළ බවයි.

මීට පෙර පසුගිය වසරේදී පිලිපීනයේ කණ්ඩායමක් මෙම ගිනස් වාර්තාව තබා තිබූ බව ගිනස් වාර්තා සඳහන් කරයි.

afp-ecuador-breaks-guinness-reforestation-record image Part-MVD-Mvd6685039-1-1-0 trees_worldrecordecuadorimg