ඇමෙරිකා රජය ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් වැය කර පැසිෆික් සාගර කලාපයේ, දූපතක ස්ථාන ගත කළ මිසයිල ආරක්ෂක පද්ධතිය අසාර්ථක යැයි පෙන්ටගනය පෙරේදා (6) නිවේදනය කළේය.
තම මිසයිල ආරක්ෂක පද්ධතිය අසාර්ථක වූ බව ඇමෙරිකාව ප‍්‍රසිද්ධ කළ පළමු අවස්ථාව මෙයයි. එම මිසයිල ආරක්ෂක පද්ධතිය ස්ථානගත කර ඇත්තේ පැසිෆික් සාගරයේ මාෂල් දූපතේ පිහිටා ඇති ඇමෙරිකන් හමුදා කඳවුරේය. පෙරේදා එම ආරක්ෂක පද්ධතිය යොදා ගනිමින් පුහුණු අභ්‍යාස කිහිපයක් පැවැත්විණි.
එහිදී සතුරු මිසයිල උඩු ගුවනේදී විනාශ කිරීමට මිසයිල ආරක්ෂක පද්ධතියට අයත් මිසයිලවලට හැකියාවක් නොලැබුණු බව පෙන්ටගනය හෙවත් ඇමෙරිකානු ආරක්ෂක අමත්‍යාංශය පවසයි.
මෙම මිසයිල පද්ධතිය පිහිටුවා ඇත්තේ 2008 දීය. ඒ, උතුරු කොරියාවෙන් හෝ චීනයෙන් හෝ ඇමෙරිකාවට ප‍්‍රහාරයක් එල්ල වුවහොත් එයින් ආරක්ෂා වීම සඳහාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක උතුරු කොරියාව ගොඩක් කල් ඉදලම දන්නවා ඇති (අ)
ඔය ඇත්තමද සර් ?(නදී)