මෝටර් බසිසිකලයකින් පැමිණි පිරිසක් ග්‍රීසියේ ඇතැන්ස් නුවර පිහිටි රුසියානු තානාපති කාර්යාලයට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි රොයිටර් මාධ්‍ය වාර්තා කරයි.
“එය කුඩා පිපිරීමක්, අත්බෝම්බයක් වියයුතුයි. නමුත් එයින් කිසිවෙකුටත් හානි සිදුවී නැහැ” යැයි පොලිස් නිලධාරීහු පැවසූහ.
ප්‍රහාරයේ වගකීම මේවන තෙක් කිසිවෙකුත් බාරගෙන නොමැත.
නාගරික ගරිල්ලා කණ්ඩායම් පොලිස් නිලධාරීන්, දේශපාලනයින් සහ ආයතන ඉලක්ක කරගනිමින් කුඩා ප්‍රමාණයේ පිපිරීම් සහ ප්‍රහාර එල්ලකිරීම ග්‍රීසියේ සාමාන්‍ය බලධාරීහු වැඩිදුරටත් පවසති.
(රොයිටර් ඇසුරිනි)
16844
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd