දකුණු අපි‍්‍රකාව නියෝජනය කරමින් ඔලිම්පික් ධාවන තරගවලට සහභාගී වූ ‘බ්ලේඞ් රනර්’ නමින් ප‍්‍රසිද්ධ ඔස්කා පිස්ටෝරියස් සිය පෙම්වතියට වෙඩි තැබීමේ චෝදනාව මත ඊයේ(14) පොලිස් අත්අඩංගුවට පත් විය.
ප‍්‍රිටෝරියාහි පිහිටි පිස්ටෝරියස්ගේ නිවසේදී මෙම වෙඩිතැබීම සිදුව තිබේ. සිද්ධිය වූ වහාම එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන්ට දැකගත හැකි වූයේ වෙඩිවැදුණු තිස් හැවිරිදි කාන්තාවගේ දිවිගලවා ගැනීමට උත්සාහ ගන්නා වෛද්‍ය බලධාරීන්ය.
වෙඩිවැදී බරපතළ තුවාල ලැබ ජීවිතක්ෂයට පත්වූ ඇය අසල තිබී මිලිමීටර් 9 පිස්තෝලයක් සොයා ගත් පොලිස් නිලධාරීන් විසිහය හැවිරිදි පිස්ටෝරියස් ද අත්අඩංගුවට ගත්හ.
සිද්ධිය සම්බන්ධයෙන් පිස්ටොරියස්ගේ පියාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ නිවසට අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ ගත් තැනැත්තෙක් ලෙස සිතා ඔහු සිය පෙම්වතියට වෙඩිතබා ඇති බවයි. ඔලිම්පික් මලල කී‍්‍රඩා තරගවලට එක්වූ පළමු ආබාධිත කී‍්‍රඩකයා වන්නේ ද ඔස්කා පිස්ටෝරියස්ය. ඒ 2012 ඔලිම්පික් තරගාවලිය දකුණු අපි‍්‍රකානු මලල කී‍්‍රඩා කණ්ඩායම නියෝජනය කිරීමත් සමඟය.
2025 නොවැම්බර් මස 21
294
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
324
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1255
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අත්වැරැදීමකින් පෙම්වතියට වෙඩිතැබූ ‘බ්ලේඞ් රනර්’ පොලිස් අත්අඩංගුවේ