( රොමේෂ් ධනුෂ්ක සිල්වා සහ නාලක සංජීව දහනායක )
එළැඹෙන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වී පොහොට්ටුව ලකුණින් තරඟ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
එමෙන්ම ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය‘ නමින් නව පක්ෂයක් පිහිටවූ බවත් එම පක්ෂයේ නායක ලෙස අගමැති මහින්ද රාජපක්ෂ, පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජානාධිපති මෛත්‍රීපාල සිරිසේන , ලේකම්වරයා ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ,ජාතික සංවිධායකවරුන් ලෙස දයාසිරි ජයසේකර සහ විමල් වීරවංශ යන මහත්වරු පත් කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
එසේම තමන් ඉදිරිපත් කළ ලිඛිත ඉල්ලීම මැතිවරණ කොමසාරිස්වරයා අනුමත කළ බව ලේකම්වරයා පැවසීය.
පක්ෂ දෙකෙහිම සාමාජිකයින් අද මැතිවරණ ලේකම් කාර්යාලයට පැමිණ ඒ පිළිබඳව ලිඛිතව මැතිවරණ කොමසාරිස්ට දැනුම් දීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
පක්ෂ දෙකෙහිම සාමාජිකයෝ මෙම අවස්ථාවට පැමිණ සිටියහ.



(ඡායාරූප සහ වීඩීයෝ -රොමේෂ් ධනුෂ්ක සිල්වා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙපැත්තම පක්ෂ හදනවා මිස රට හදන්න කිසිකෙනෙක් නැහැ . හැමෝම අපි රවටනවා ඉක්මනට එම්.සී.සී එක ඉවරකරලා අපිව වෙනරටකට බාර දෙන්න . එයාලවත් රට හරියට කරාවිද බලන්න මේ 225 ඇතුලෙ නම් කිසිවෙක් නැත .
මනාප පොරයෙන් අත අතුගෑවිලාම යනවා. පහුගිය මහමතිවරනයේත් පොහොට්ටුවෝ සංවිධානාත්මකව ඒක කළා. ශ්‍රීලනිපය වලපල්ලට ගෙනගිය නායකයා ලෙස මෛත්‍රී ඉතිහාසගත වෙනවා.
නිදහස් පක්ෂය ඉවරවූන අන්තිම පාන්සකුලය සිරිසේන මහතා විසින් සිදුකෙරින.
පොහොට්ටුව අතට එකතු වුනොත් ... මේ බලවේගය හොල්ලන්න බැරි බලවේගයක් බවට පත්වෙනවා... මේකට හේතුව තමයි සිරිසේන මහත්තයාට ලැබෙන ජාත්‍යන්තර කීර්තිය , ණය උදව්, උපකාර.
ගහපු පදයකුත් නැහැ. බෙරේ පලුවකුත් නැත කෝටි අට සියයක ගෙයක් ඇත.
කෙහෙල්මල් එකතුවක් නෙමෙයි ලොක වෙළඳපලේ තෙල් මිල තුට්ටුවට බැහැලා. මෙහෙ මගුල් කතා කරනවා. ඒවා පේන්නේ නෑ වගේ ?
මේ සන්ධානයේ සභාපතිටත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂිම්ට වගේ බලයක් තමයි ලැබෙන්නේ.
සිරිසේන මහතා සභාපති ? එයත් එක්ක මොන ආණ්ඩු කෙරුවාවල් ද? ඊ ළඟ ආණ්ඩුවත්, වැඩකට නැති එකක් බව ඉතා පැහැදිලි ය. අපේ තව අවුරුදු 5 ක් විනාශයි.
දයාසිරිගේ ඇඬි ඇඬියාව දැන් ඉවරද?
වැඩේ අවුල්කරගෙන වගේ මේ පොලොන්නරුවේ ගොයියත් එක්ක වැඩක් කරන්න පුළුවන්ද. කමක් නෑ අපට දෙවැනි පාර ආප්ක කන හැටි බලාගන්න පුළුවන්
පොදු ජනතාව එකතු වෙලා පොදු ජනතාවගේ පක්ෂයක් හදාගන්න දවසක් එනකන් රටේ මිනිසුන්ට අනාගතයක් නැත.
දැන් රටේ උගත් බුද්ධිමත් ජනතාවට තේරුම් ගතයුතුයි මේ තුන්ගොල්ලම රට ගෙනියන්න හදන්නේ කොහෙටද කියලා.
රනිල්ගේ අවබෝධතා ගැටේට අහුවෙලා උන්නු සිරිසේන මහත්තයව ඔයතරමින් බේරගත්ත ඇති. ඔය පොහොට්ටු පක්ෂේ එහෙම ආයෙත් කපටි ගැටවලට අහුවෙලා අවබෝධතා වලට එකතු කරගන්නවා නෙවෙයි ඔන්න. තුනෙන් දෙකක් නැති උනොත් ඔය තියෙන හැටියකට කරගෙන යන්න.
පොහොට්ටුව - අත එක්වන බව කියති නමුත් එක අපේක්ෂකයෙක් වත් අතේ අය පාර්ලිමේන්තු නොයති ජයවේවා.!
දැන් පස්ස්කු ප්‍රහාරය පොහොට්ටුවේ වගකීමයි. පොහොට්ටුවට ඡන්ද වේදිකාවේ බෙරිහන්දීමට විෂයක් ඉතුරුවී නැත.
පොහොට්ටුව - අත එක්වන බව කියති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාන්සකූලය සුදානම් බවද කියයි ....!!!
දහසක් පොරොන්දු දීලා බලයට ආවේ. කිව්වා කිසිවක් නොකලා විතරක් නොවේ ගිය ආණ්ඩුව දුන්න ඒවත් කපලා.
හරිම කනගාටුයි . නිදහස් පක්ෂය වැනි කීර්තිමත් පක්ෂයකට ගිය කල ගැන හිතෙන කොට.
විමල් වීරවංශට ලක්ෂ ගානක පුටුවක් ගෙනල්ලා තියනවා කියන්නේ හොඳට සැපට ඉඳගෙන සංවිධානේ කරන්ඩ වෙන්න ඇති.
පහුගිය ආණ්ඩුව ණයටික බේරාගෙන කොහොම හරි ඇදගෙන ගියා. මේ අයටනම් මෙලෝ දෙයක් කරන්න තේරෙන්නේ නැති පාටයි.
බුලත් කොලයට වෙන කරන්න දෙයක් නැහැ පොහොටුව මොනවා කිව්වත් ඒකට එකඟ වෙන්න ඕන.
ඔය කියන කිසිවක් එයාට ලැබුනේ නැහැ එයාගේ ආණ්ඩුව කාලේදී නම්.
ඡන්ද ටික ගන්නවා අපේක්ෂකයන් හලනවා මනාපෙන්. අත හාන්සියි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවාදීම නිසා පොහොට්ටුවේ අපේක්ෂකයන් වැඩි ගණනක් දිනනවා ශ්‍රී ලංකා කාරයන් සේදිලම යනවා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට පොහොට්ටුවේ මනාප නෑ එමනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය සියල්ලෝම ගෙදර
ණය බේරලා තියෙන්නේ ගොයම් කොළයකින් බැත බේරනවා වගේද.?
හැමදාමත් සන්ධාන හද හද මැතිවරණ ගැන කතා කර කර ඉන්නවා මිසක් මොවුන්ට රට හැදීම ගැන අල්පමාත්‍ර උවමනාවක් නැහැ
2015 වේ වගේ මේ මැතිවරණයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෝ සියල්ල ගෙදර පොහොට්ටුවේ අපේක්ෂකයෝ ඇතුලේ.