IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජීවිතයත් මරණයත් අතර සටනකින් ගිං ගඟෙන් එගොඩ​වෙන මිනිස්සු

ගිංගඟ තරණය කරන පාසල් සිසුන් සහ ගම්වාසීන්

 

 

නෙළුව ලංකාගම නිල් ඇල්ල ගම්මානයට යෑමට ගිංගඟ හරහා පාලමක් නොමැතිකමින් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් ගිංගඟ තරණය කරමින් නිල්ඇල්ල ගම්මානයේ පාසල් සිසුන්ට අකුරු කිරීමට ලංකාගම පාසලට යෑමට සිදුව ඇත.  


ලෝක උරුම සිංහරාජ වනාන්තරයට මැදිව පිහිටි මේ ගම්මානය මැදින් ගලා බසින ගිංගඟෙන් මෙම ගම්මාන දෙක දෙපසට වෙන් වී ඇත. ගිංගඟේ මෙගොඩ ලංකාගම පාසල තැපැල් කාර්යාලය ග්‍රාමීය රෝහල යන සෞඛ්‍ය මධ්‍යස්ථානය යන රජයේ ආයතන පිහිටා තිබීම නිසා ගිංගඟේ එගොඩ පිහිටි නිල්ඇල්ල ගම්වාසීන්ට සහ පාසල් සිසුන්ට තම දෛනික අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට දිනකට හත් අට වරක් ගිංගඟ තරණය කර ලංකාගම ගම්මානයට පැමිණීමට සිදුවේ. ගම්මාන දෙකේ ජීවත්වන ගම්වාසීන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය තේ වගාව සහ කිතුල් මල් මැදීමය. 


තම ආදායම් මාර්ග ඉපයීමේ කාර්ය බහුල ජීවන රටාවක් ගෙන යන මෙම ගම්වාසීන්ට දිනපතා දිවා රාත්‍රී නොබලා ගිංගඟ තරණය කිරීමට සිදුව ඇත. නිල්ඇල්ල ගම්මානයේ පාසල් දරුවන්ට දිවි පරදුවට තබා ගිංගඟ තරණය කර දිනපතා ලංකාගම පාසලට යෑමට සිදුව ඇත. මේ නිසා තම දෙමව්පියනට සිසුන්ගේ ආරක්ෂාව පතා ඔවුන්ට උදේ සවස ගංඉවුරට වී බලා සිටීමට සිදුව ඇත. උදෑසන දරුවන් සමඟ ගංඉවුරට පැමිණෙන මව්පියන් දරුවන් ගඟෙන් එගොඩ වූ පසුව නිවෙස් කරා ගොස් නැවත පාසල් නිමවෙන වෙලාවට යළිත් ගංඉවුරට පැමිණීමට සිදුව ඇත්තේය.

 
මේ ඔරුතොටුපොළ පිහිටි ස්ථානය ගිංගඟේ අඩි 25-30 පමණ ගැඹුරු ස්ථානයක් වීමත් සහ එම ස්ථානය බිලි ගන්නා තැනක් බැවින් ප්‍රදේශවාසීහු අනියම් බියක් අැතිවීම නිසා තම දරුවන්ගේ ආරක්ෂාව පතා මෙසේ ගංඉවුරට පැමිණීමට පුරුදුව සිටිති. සිංහරාජ වනාන්තරය අශ්‍රිත ප්‍රදේශවලට නිරන්තර වැසි පතිත වීමෙන් ගිංගඟේ ජල මට්ටම නිතර ඉහළ යාම නිසා එවැනි දිනවල මෙම ස්ථානයෙන් එගොඩවීමට නොහැකිව දින 2-3 ක් පමණ සිසුන්ගේ පාසල් ගමන නතර කිරීමට සිදුවන බව දෙමව්පියෝ පවසති.

 

නිල් ඇල්ල ගමේ පාසල් සිසුන් ලංකාගම පාසලට යාමට ගිංගඟ තරණය කරන අයුරු.

 


මේ ගම්මාන දෙක යාකරමින් ගිංගඟෙන් එගොඩ වීමට ඉදිකර තිබූණු වැල් පාලම 2017 මැයි මස 17 දින සිදුවූ ගංවතුරින් කඩා වැටුණි. එදින සිට වසරක සිට වැල්පාලම ඉදිකිරීමට පියවර නොගැනීම නිසා ලංකාගම - නිල්ඇල්ල දෙගම්වාසීන් සහ පසල් සිසුන්ට මෙසේ අනන්ත දුක් විඳ ගිංගඟ තරණය කර තම දෛනික අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට සිදුව ඇත. 


ගංවතුරෙන් වැසුණ වැල් පාලම නැවත සකස් කිරීමට 2017 වසරේ දකුණු පළාත් ග්‍රාම සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක ‘‘රෝහණ උදාන’’ සංවර්ධන ව්‍යාපෘතිය මගින් රුපියල් හාරලක්‍ෂ පනස්දහසක (450,000) මුදලක් ලබාදී ඇති අතර එම මුදල ප්‍රමාණවත් නොවන බැවින් වැල්පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නොහැකි බව ප්‍රදේශවාසීහු පවසති. රටක් සංවර්ධනය කරා ගමන්කිරීමේදී යටිතල පහසුකම් දියුණු කිරීම සංවර්ධිත සාධකයක් වේ. 


එම සාධක පදනම් කරගෙන අධිවේගී මර්ග ගුවන් පාලම් විශාල වැව් අමුණු කළුගඟ මොරගහකන්ද වැනි බහුකාර්ය සංවර්ධන කාර්යයන් සහ පළාත් පාලන ආයතනවලට ලක්‍ෂ 5 - 6 පුටු ගෙන්වීමට යෝජනා කරන රටක 2017 වසරේ ඇති වූ ගංවතුරින් සාමාන්‍යයෙන් යටවූ පෙට්ටි කඩයකට රුපියල් ලක්‍ෂ ගණනින් වටිනා සහ නොවටිනා වන්දි මුදල් ලබාදුන් මෙවන් රටක එම ගංවතුරින් විනාශ වූ ලංකාගම - නිල්ඇල්ල වැල්පාලම ඉදිකරදීමට ජනතා නායකයන් මුනිවත රකින්නේ රටේ අවාසනාවට ලංකාගම- නිල්ඇල්ල ගම්වාසීන්ගේ අවාසනාව දැයි ඔවුහු ප්‍රශ්න කරති.

 

 


චාරිකා සටහන හා ඡායාරූප 
නෙළුව 
පියරත්න ජයවික්‍රම



අදහස් (0)

ජීවිතයත් මරණයත් අතර සටනකින් ගිං ගඟෙන් එගොඩ​වෙන මිනිස්සු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 381 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site