IMG-LOGO

2025 ජනවාරි මස 22 වන බදාදා


ඉතිහාසයේ සිට රැව්දෙන අපේ සහල් අර්බුදය

 

හාල් සහ වී පිළිබඳව දැන් කලෙක සිට මහත් අර්බුදකාරී තත්ත්වයක් උද‌ා වී ඇත. වී මිලදී ගැනීමත්, හාල් මිල පිළිබඳවත් මෙම තත්ත්වය ඇති වී තිබේ. මේ නිසා පාරිභෝගික ජනතාව මහත් දුෂ්කරතාවකට මුහුණ දී සිටිති. දශක හතක පමණ කාලයක සිට අළු යට ගිනි මතු වන්නා සේ සහල් අර්බුදය වරින් වර ඇති වන බැව් දක්නට ලැබේ.  


මේ දිනවල අසන්නට ලැබෙන්නේ මිල පිළිබඳව මතු වී ඇති අර්බුදකාරී තත්ත්වයයි. පෞද්ගලික අංශයත්, රජයත් අතර ඇති වී තිබෙන මිල පිළිබඳ ගැටලුව විසඳ‌ා ගැනීම ද දුෂ්කර වී ඇත. සහල් මිල පාලනය කරගත නොහැකි වීම අර්බුදයක් බවට දැන් පත් වී තිබේ. හාල් මිල පාලනය සඳහා විදේශවලින් සහල් ගෙන්වීමට ක්‍රියා කරන බවක් ද දක්නට ඇත.  


ශ්‍රී ලංකාව සහල් පිළිබඳව අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී ඇත්තේ, ඈත අතීතයේ සිටය. දශක ගණනාවක සිට සහල් පිළිබඳ වන පුවත්පත්වල පළ වූ විවිධ ප්‍රවෘත්තිවලින් ඒ බැව් තහවුරු වේ. අතීතයේදී වරක් ශ්‍රී ලංකාවට බරපතළ ප්‍රශ්නයක් වී ඇත්තේ, සහල් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී මතු වී තිබූ ගැටලු සහගත තත්ත්වය වේ.  


විශේෂයෙන්ම ලෝක යුද්ධ සමයේදී සහල් පිළිබඳව මහත් අර්බුදකාරී තත්ත්වයක් පැන නැගී තිබිණ. මෙරටට සහල් ගෙන්වීමේ ප්‍රධාන ක්‍රියාමාර්ගයක් බවට පත්වූයේ, බුරුමයෙන් සහල් ආනයනය කිරීමය. සහල් පිළිබඳ ප්‍රථම වරට ගැටලුකාරී තත්ත්වයක් ඇති වූයේ, 1945 වසරේදීය. බුරුමය මුහුණ දී තිබූ යුද අර්බුදය නිසා ශ්‍රී ලංකාවට සහල් ලබා ගැනීම දුෂ්කර විය. ඒ පිළිබඳව එවකට කෘෂිකර්මාන්ත හා ඉඩම් ඇමැතිවරයා විසින් කළ ප්‍රකාශයක මෙසේ සඳහන් වේ.  


 “බුරුමය සතුරාගෙන් මුදා ගැනීම නිසා බොහෝ ඉක්මනින් ඒ රටින් ලංකාවට හාල් ඒම ආරම්භ වෙතැයි කල්පනා කරන අයට කෘෂිකර්ම ඇමැතිවරයා සත්‍ය පහද‌ා දුන්නේය. ඒ සඳහා තවත් කලක් යන බව කී ඒ මහතා ලංකාවේ ආහාර සුලභ කිරීමට කරන ප්‍රයන්තයේ කිසිම අඩුවක් නොකළ යුතු බව ද කීවේය.” යනුවෙන් 1945 ජුනි 11 වැනිද‌ා දිනමිණ පුවත්පතේ පළ වූ වාර්තාවකින් කියවිණි.  


ශ්‍රී ලංකාවේ එවකට පැවැති සහල් අර්බුදය නැති කරගැනීම පිණිස ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිවරයා වූ ඩී.ඇස්. සේනානායක මහතාට බුරුම රජය සමග සාකච්ඡා කිරීමට සිදු විය. 1951 වසරේදී සේනානායක මහතා බුරුමයට ගොස් සහල් අර්බුදය නැති කර ලංකාවට හාල් ගෙන්වා ගැනීමට කළ සාකච්ඡාවකදී බුරුම හාල් ටොන් හය ලක්ෂයක් ලබා ගැනීමට කටයුතු කළ බැව් 1951 ඔක්තෝබර් 21 වැනිද‌ා ලංකාදීප පුවත්පත වාර්තා කර තිබිණි.  


එය පළ වූයේ “ලංකාවට බුරුම හාල් ටොන් හය ලක්ෂයක් - අගමැතිතුමා බුරුමයේදී කරන වැදගත් සාකච්ඡා” යනුවෙනි. “අද බුරුමයට පැමිණි ලංකාවේ අගමැති ඩී.ඇස්. සේනානායක මහතා විසින් 1952 වර්ෂය සඳහා බුරුම හාල් ටොන් (600,000) හය ලක්ෂයක් ලබා ගැනීමට සාකච්ඡා කරනු ඇතැයි විශ්වාස කෙරේ. සතියකට පෙර මෙහි පැමිණි ලංකාවේ ආහාර කොමසාරිස්වර කේ. ෂල්වාපිල්ලේ මහතා බුරුම ආණ්ඩුවත් සමග මේ ගැන මූලික සාකච්ඡා පැවැත්වූයේය.”

 


 හාල්වලට ඩොලර්වලින් මුදල් ගෙවීමට ලංකාව සූද‌ානම් බවත්, අනාගතයේදී හාල් ලබා ගැනීමේ දීර්ඝ කාලීන වැඩසටහනක් අනුව කලින් මුදල් ගෙවීමට ද ලංකාව සූද‌ානම් බවත් එහිදී ප්‍රකාශ කර තිබිණ.  
මෙරට සහල්වලින් ස්වයංපෝෂිත කරගැනීම සඳහා ගල්ඔය ව්‍යාපාරය ආරම්භ කර ගොවි ජනතාව ධෛර්යමත් කිරීමට ද කටයුතු යෙදීය. එමගින් ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනයේ වර්ධනයක් ඇති කරගැනීම එහි ප්‍රධාන අරමුණ බවට පත්වී තිබිණි. කෙසේ වෙතත් ජනතාවට සහල් ලබා ගැනීම සඳහා හාල් පොතක් ද නිකුත් කළ අතර, කූපන් ක්‍රමයක් යටතේ ද හාල් ලබා ගැනීමට සිදු විය. හැටේ දශකයේදී සහල් අර්බුදය තවත් උග්‍ර විය.  


 හාල් සේරු දෙකක් ජනතාවට ලබා දීමේ වැඩසටහනක් හැටේ දශකයේදීම රැව් දෙන්නට විය. එක් හාල් සේරුවක් නොමිලේත්, තවත් සේරුවක් මුදලටත් ආදී වශයෙන් ද සහල් ගැටලුවට පිළියම් කිරීමට ද එවකට පැවැති රජයට සිදු විය. 1973 වසරේදී ද මෙරට ජනතාවට හාල් යුද්ධයක් කිරීමට ද සිදු විය.  
ඒ පිළිබඳව මතු වූ ප්‍රශ්නයක් වූයේ රජය වී මිලදී ගැනීමට කටයුතු කිරීම නිසාය. ගොවියන්ගෙන් රජය වී ලබා ගැනීමේදී ඔවුන් සතුව ඇති වී ලබා ගැනීමට ක්‍රියා කිරීම නිසා ද එම අර්බුදකාරී තත්ත්වය ඇති විය. පෞද්ගලික වෙළෙඳුන්ට සහල් විකිණීම තහනම් කිරීමට ද රජය ක්‍රියා කළේය. මේ නිසා මහජනතාවට සහල් ලබා ගැනීම අති දුෂ්කර ක්‍රියාවක් විය.  

 


 1973 පෙබරවාරි 14 වැනිද‌ා ලංකාදීප පුවත්පත ඒ පිළිබඳ පළ කළ වාර්තාවක “හාල් යුද්ධය ගොවි ගෙදරටත් යයි” යනුවෙන් හඳුන්වා දී තිබිණි. “හාල් විකිණීම තහනම්” යනුවෙන් පළ වූ එම පුවත මෙසේය.  
 “වෙළෙඳපොළේ පෞද්ගලික වෙළෙඳුන් මගින් හාල් විකිණීම මින් ඉදිරියට සම්පූර්ණයෙන්ම තහනම් කරනු ඇත. සහල් විකිණීමේ ඒකාධිකාරිය සමුපකාරයට සහ අලෙවි කිරීමේ දෙපාර්තමේන්තුවේ වෙළෙඳසල්වලට පමණක් පවරනු ලැබේ. සහල් ප්‍රශ්නය පිළිබඳව දැනට පවතින උග්‍ර තත්ත්වය මග හැරුණු කල මෙම නීති රීති ලිහිල් කිරීමට ඉඩ ඇත. අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මහ බැංකු ශාලාවේ පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ තිබේ. හෝටල්වලට හා උත්සවවලට සහල් ලබා දීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම අද සිදුකරනු ඇත.” යනුවෙනි.  


 1974 වර්ෂය වන විට සහල් පිළිබඳ අර්බුදය තවත් දරුණු තත්ත්වයට පත් විය. වී සහ හාල් ප්‍රවාහනය, තබා ගැනීම හෝ විකිණීම තහනම් කැරිණි. හාල් පරීක්ෂා කිරීමට මාර්ග බාධක ද යෙදීය.  


එම ප්‍රවෘත්තිය ලංකාදීප ප්‍රධාන පුවතකින් කියා සිටියේ, 1974 පෙබරවාරි 6 වැනිද‌ාය. “මාස් කන්නයේ වී අස්වැන්න සම්පූර්ණයෙන්ම රජයට ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙම පියවර ගෙන තිබිණ. එවර මාස් කන්නයේ අස්වැන්න සාර්ථක වී ඇතිමුත් රජය ගොවි ජනතාවගෙන් වී සහ හාල් මිලට ගැනීමට කලින් වී මෝල් හිමියන් සහ ජාවාරම්කාරයන් ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට ගෙන යන වැඩපිළිවෙළ නිසා මෙවැනි තහනම් නීතියක් ක්‍රියාත්මක නොකොට එය වළක්වා ගත නොහැකි බව ද අමාත්‍යාංශයට පෙනී ගොස් ඇත.” යනුවෙන් පළ විය. අලුත් අවුරුදු උත්සවය සඳහා හාල් සේරු දෙකක් ප්‍රවාහනය කිරීමට හැකි විය.
මේ අයුරින් සහල් අර්බුදය ජනතාවට තදින්ම බලපෑවේය. ජනතාවට විඳීමට සිදු වූ අති දුෂ්කරතාව සංඝයාවහන්සේලා විසින් ද පෙන්වා දීම නිසා එවර වෙසක් උත්සවය නිමිති කරගෙන හාල් සේරු දෙකක් පමණක් වරෙකට ප්‍රවාහනය කිරීමට මැයි 8 දක්වා අවසර ලබා දීමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය යළිත් තීරණය කළාය. එම සම්පූර්ණ වාර්තාව ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස 1974 අප්‍රේල් 16 වැනිද‌ා ලංකාදීපය ප්‍රකාශයට පත් කළේ මෙසේය.  

 


“හාල් සේරු 2ක් මැයි අටවැනිද‌ා දක්වා ගෙන යන්න අවසරයි. වෙසක් නිමිත්තෙන් අගමැතිනි ගත් තීරණයක්.”  
“ළඟ එන වෙසක් උත්සවය නිමිත්තෙන් මැයි 8 වැනිද‌ා දක්වා බලපත් රහිතව හාල් සේරු දෙකක් ගෙන යන අවසරය දීමට අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තීරණය කොට තිබේ. ඒ පිළිබඳව රජය විශේෂ නිවේදනයක් ද නිකුත් කළේය.” එම නිවේදනය ද පුවත්පත් මගින් ප්‍රසිද්ධියට පත් කළේය.  
“හදිසි අවස්ථා වී අලෙවි කිරීමේ නියෝග තාවකාලිකව ලිහිල් කරමින් කෘෂිකර්ම හා ඉඩම් ඇමැති හෙක්ටර් කොබ්බෑකඩුව මහතා විසින් පහත සඳහන් පුවත්පත් නිවේදනය නිකුත් කර ඇත. “දැනට ක්‍රියාත්මක වන වී සහ සහල් ප්‍රවාහන සීමා කිරීමේ නියෝග 1974 අප්‍රේල් මස 8 වැනි දින සිට 18 වැනි දින දක්වා කාලයට ලිහිල් කරන ලදී. එමගින් බලපත්‍රයක් නොමැතිව දිවයිනේ ඕනෑම ස්ථානයක සිට වෙනත් ස්ථානයක් දක්වා හාල් සේරු දෙකකට හෝ හාල් රාත්තල් 4කට නොවැඩි ප්‍රමාණයක් ගෙන යාමට ඉඩ සලසන ලදී. මෙමගින් සලසන ලද අනුග්‍රහය වරදවා පාවිච්චි නොකරන ලෙස මම මහජනතාවගෙන් ඉල්ලීමක් කළෙමි.  


මෙතෙක් මා වෙත ලැබී ඇති වාර්තා අනුව මෙම අනුග්‍රහයෙන් වැරැදි ප්‍රයෝජන නොගත් බව ද වගකීමෙන් යුතුව ක්‍රියා කර තිබෙන බව ද මට ඒත්තු ගොස් තිබේ. මෙම අලුත් අවුරුදු කාලයේ සිට වෙසක් උත්සව කාලය දක්වා වන්දනා ගමන්වල නියුක්ත වන අයට ද සහනයක් සැලසෙන පරිදි දැනට දී ඇති සහල් සේරු දෙකක් ප්‍රවාහනය කිරීමේ අනුග්‍රහය මැයි 8 වැනිද‌ා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත. හාල් සේරු දෙකට අමතරව වී ප්‍රමාණයක් බලපත්‍රයක් නොමැතිව එහා මෙහා ගෙන යාමට මෙයින් ඉඩ නොලැබෙන බව සැලකිය යුතුය.”
 මේ අයුරින් සහල් පිළිබඳව ඇති වූ අර්බුද නිසා ජනතාවට සිදු වූ දුෂ්කරතා ඉතිහාසයේ ඕනෑ තරම් දක්නට ලැබේ.   

 

 

තිස්ස ජයවර්ධන



අදහස් (0)

ඉතිහාසයේ සිට රැව්දෙන අපේ සහල් අර්බුදය

ඔබේ අදහස් එවන්න

 

 

Recommend

පුටින්ට විශිෂ්ට ජයක්
2024 මාර්තු මස 18 4728 6

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවි


අග හිඟකම් මැද්දේ කෝටි තිස්දාහක රන් බඩු - වාහන උකස්පොළට ගිහින්
2024 පෙබරවාරි මස 03 106 0

ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍


හිටපු ලොක්කෝ රැසක් ඡන්දෙට
2024 පෙබරවාරි මස 03 112 0

ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරික


තාක්ෂණයේ සිරවීම
2024 ජනවාරි මස 20 157 0

තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.


මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ
2024 ජනවාරි මස 16 873 0

පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බ


සමබර වී ආතතිය අඩු කරමු
2023 ජුනි මස 24 257 0

සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ්‍ සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන්


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 440 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 619 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 338 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site