ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා බවට තේරී පත්ව සිටින්නේ ඩිමොක්‍රටික් පක්‍ෂය නියෝජනය කරන ජෝ බයිඩ්න්ය. ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස බයිඩ්න් දිවුරුම් දීමට නියමිත 2020 ජනවාරියේය.
77 හැවිරිදි වියෙහි පසුවන බයිඩ්න්, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වුණු වයස්ගතම ජනාධිපතිවරයා ද වෙයි. බයිඩ්න්, අඩ සියවසකට ආසන්න කාලයක් තිස්සේ ඇමෙරිකා දේශපාලනයේ රැඳී සිටින අත්දැකීම් බහුල දේශපාලනඥයෙකි; නීතිඥයෙකි; අභියෝග ජය ගනිමින් ඉදිරියට ආ සෙනෙහෙබර පියෙකි; ආදර සැමියෙකි. එමෙන්ම මේ වනවිට ඔහු සීයා කෙනෙකි.
වයසින් මුහුකුරා යද්දී තමන් සතු අත්දැකීම් අනුව, වර්තමානයේ ඇමෙරිකානුවන් මුහුණ දෙන අර්බුදවලට විසඳුම් ලබාදීමට හැකි බව බයිඩ්න් අවධාරණය කර තිබේ. ඒ අතරින් ඇමෙරිකානුවන්ට වසංගතයක්ව ඇති කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ප්‍රධාන තැනක් ගනු ඇත. තමන් ජනාධිපති ධුරයට පත්වුවහොත් පළමු දිනයේ පටන් වයිරස ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය පියවර ගන්නා බව බයිඩ්න්ගේ ඡන්ද පොරොන්දුවකි.
ඒ අනුව, ඉකුත් 9 වැනිදා බයිඩ්න්, ඇමෙරිකාවේ සෞඛ්‍ය ප්‍රධානීන් යටතේ කොරෝනා වයිරස ව්‍යාප්තිය මර්දනයට කාර්ය සාධක බළකායක් පිහිටුවීය. මුහුණු ආවරණ පලඳින්නැයි ජනතාවට උපදෙස් දුන්නේය.
ජෝ බයිඩ්න්ගේ සම්පූර්ණ නම ජෝසප් රොබිනෙට් බයිඩ්න් ජූනියර් (කනිෂ්ඨ) ය. උපත ලැබුවේ පෙන්සිල්වේනියාවේ ස්ක්‍රැන්ටන් නුවරය. ඒ, 1942 නොවැම්බර් 20 වැනිදාය. බයිඩ්න් පවුලේ වැඩිමලාය. ඔහුට සහෝදර සහෝදරියෝ තිදෙනකි. බයිඩ්න්ගේ පියාගේ නම ජෝසප් බයිඩ්න් සීනියර් (ජ්‍යෙෂ්ඨ) ය. මවගේ නම කැතරීන් යූජීන් ෆිනැගන් ය.
දරු දැරියන් මුනුපුරු මිනිපිරියන් සහ බිරිඳ ජිල් සමඟ ජයග්‍රහණය සමරමින්
බයිඩ්න්ගේ පියා දිවියෙන් සමුගත්තේ අවුරුදු 86දීය. මව අවුරුදු 92ක් ජීවත් වූවාය. බයිඩ්න්ගේ පියා ව්‍යාපාරිකයකු වූ නමුත්, ව්‍යාපාර කටයුතුවලින් සාර්ථකත්වයක් ලැබීමට ඔහු අසමත් විය. ඒ අනුව, බයිඩ්න් පවුල ඩෙලවෙයාර් ජනපදයේ විල්මින්ටන් වෙත පදිංචිය මාරු කළහ. පියා මෝටර් රථ අලෙවිකරුවකු ලෙස රැකියාව කරන්න වූ අතර, බයිඩ්න් පවුල පදිංචිව සිටියේ ඇඳන් තුනකින් යුත්, කාමර දෙකක කුඩා නිවසකය.
බයිඩ්න් සිය උපාධිය හිමිකරගත්තේ ඩෙලවෙයාර් විශ්වවිද්‍යාලයෙන් සහ සිරකියුස් නීති විද්‍යාලයෙනි. ජෝ බයිඩ්න්, ඩෙලවෙයාර් විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවකු ලෙස, නිවාඩුවට බහාමා ගොස් සිටි අවස්ථාවක ඔහුට නීලියා හන්ටර් නමැති යුවතිය හමුවිය. නීලියා ඔහුගේ පෙම්වතිය වූවාය.
අතමිට සරු තැනැත්තකු නොවුණත් නීලියා ඔහුට ප්‍රිය කළාය. ආදරය කළාය.
“ලොකු වුණාම මොකද කරන්න හිතාගෙන ඉන්නේ?” නීලියාගේ මව, වරක් ජෝ බයිඩ්න්ගෙන් විමසා ඇත. තමන්ට ඇමෙරිකාවේ ජනාධිපති වෙන්න ආසාවක් තිබෙනවා යැයි බයිඩ්න් පිළිතුරු දී තිබේ.
ජෝ බයිඩ්න් සහ නීලියා විවාහ වූයේ 1966 වසරේදීය. ඔවුන්ගේ පළමු පුතා බෝ බයිඩ්න් උපන්නේ 1969 වසරේදීය. වසරක් යද්දී බයිඩ්න්ගේ දෙවැනි පුතු හන්ටර් උපන්නේය.
“දරුවෝ තමයි මේ ලෝකේ වටිනාම දේ. මා දියණියකටත් ආසයි.” බයිඩ්න්, වරක් සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණි. ඒ, 1970 වසරේදීය. 1971 වසරේ බයිඩ්න්ට දියණියක ලැබුණි. ඇය නයෝමිය.
නීති විද්‍යාලයෙන් පිටවීමෙන් පසු 1970 දී බයිඩ්න් නිව් කාසල් ප්‍රාන්ත නගර සභාවේ සාමාජිකයකු විය. 1972 වසරේ දී, 29 හැවිරිදි බයිඩ්න්, ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයට තේරී පත් විය. ඒ අනුව, ඩිමොක්‍රටික් පක්‍ෂය නියෝජනය කරමින් ඇමෙරිකන් ඉතිහාසයේ පස්වැනි ළාබාලතම සෙනෙට් සභිකයා වූයේ ජෝ බයිඩ්න්ය.
1972 සිට 2009 තෙක් ඔහු සෙනෙට් මණ්ඩල සාමාජිකයකු විය. සෙනෙට් විදේශ ප්‍රතිපත්ති කමිටුවේ සභාපති ධුරයත්, නීති කමිටුවේත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු ලෙසත් 2009 තෙක් කටයුතු කළේය. 1972 වසරේ, සෙනෙට් ආසනය දිනාගැනීමෙන් සති කිහිපයක් ගත වෙද්දී, ජෝ බයිඩ්න්ගේ ජීවිතය හිටි හැටියේ අඳුරු විය.
1972 නත්තල් නිවාඩුව වෙනුවෙන්, ජෝ, නීලියා, බෝ, හන්ටර් සහ සිඟිති දියණිය නයෝමි සාප්පු සවාරියකට ගොස් ආපසු එද්දී, රිය අනතුරක් සිදුවිය. බිරිඳ නීලියා සහ දියණිය නයෝමි සදහටම ජෝ බයිඩ්න් හැර ගියෝය. අනතුරින් බයිඩ්න් සහ පුත්තු දෙදෙනා තුවාල ලබා දිවි ගලවා ගත්හ. බිරිඳ සහ දියණිය අහිමිවීමත් සමඟ බයිඩ්න් පුතුන් දෙදෙනා සමඟ නිවසේ තනි විය. අසරණ විය. ජීවිතයේ සියල්ල අහිමි වූවා සේ ඔහුට සිතිණි.
“මට දිවි නසා ගැනීමට සිතුණු වාර අනන්තයි. ඒත් මම ජීවත් වුණා. මගේ පුතුන් දෙදෙනා වෙනුවෙන් මා ජීවත් වුණා. අභියෝග මැද ඉදිරියට ගියා.” යැයි ජෝ බයිඩ්න් පසුව මාධ්‍ය හමුවකදී පවසා තිබුණි.
බිරියගේ සහ දියණියගේ වියෝව, කඳුළු අතරේ සඟවා ගනිමින්, පුතුන් දෙදෙනා දෑතට ගනිමින්, බයිඩ්න් ජීවිතයට මුහුණ දුන්නේය. රාජකාරි නිමවී, දුම්රියෙන් නිෙවස බලා පැමිණෙද්දී, පුතුන් දෙදෙනා නිදි කරවීමට ළමා කතන්දර කියවමින් ඒවා පාඩම් කරගත්තේය. බිරිඳ අහිමි වූ දා පටන් උදෑසන ආහාරය පිළියෙල කළේ ද බයිඩ්න්ය. කොතරම් රාජකාරි බහුල වුවත්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් බයිඩ්න් කාලය වෙන් කරගත්තේය.
බයිඩ්න් යළි විවාහ වූයේ 1977 වසරේදීය. ඒ, පුතුන් දෙදෙනකු ද සමඟ නීතියෙන් වෙන් වී සිටි ජිල් ට්‍රේසි ජේකොබ් සමඟය. පසුව ඇය ජිල් බයිඩ්න් බවට පත්වුණු අතර දැන් ඇය ඇමෙරිකා ජනපති ආර්යාවය. දෙදෙනා මුණගස්වා ඇත්තේ බයිඩ්න්ගේ සොහොයුරාය. ජිල් බයිඩ්න්, නිහතමානී තැනැත්තියකි. ඉංග්‍රීසි ගුරුවරියකි. ඇය අධ්‍යාපනඥවරියකි. 1981 වසරේ දීජෝ සහ ජිල් බයිඩ්න්ගේ පවුලට දියණියක් එක් වූවාය.
සෙනෙට් සභිකයකු ලෙස බයිඩ්න් ධුර කාල 6ක් ඩෙලවෙයාර් ජනපදය නියෝජනය කළේය. පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව, ජනතාවගේ යහපත වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන පනත් කෙටුම්පත් සඳහා සිය සහාය දුන්නේය. ඒ, සෙසු දේශපාලනඥයන්ගේ විවේචන මධ්‍යයේය.
ජෝ බයිඩන්, පුතුන් දෙදෙනා බෝ, හන්ටර් සහ මියගිය බිරිඳ නීලියා
1994 අපරාධ මැඩලීම සම්බන්ධයෙන් මෙන්ම 1996 විවාහ නීති සම්බන්ධයෙන් සකස් කළ පනත් සම්මත කරගැනීමේ දී බයිඩ්න් තම සහාය දුන්නේය. කාන්තා හිංසනයට එරෙහිව හඬ නැගුවේය.
2007 වසරේ දී හරිතාගාර වායු අවම කිරීමේ පනත් කෙටුම්පතට ද සහාය දැක්වීය. 2012 වසරේ දී ජෝ බයිඩ්න් සමලිංගිකයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටියේය. අට වසරක්, ඔබාමාගේ දෙවැනියා ලෙසත් ඇමෙරිකන් උපජනාධිපතිවරයා ලෙසත් බයිඩ්න් කළ සේවය කැපී පෙනෙයි. බයිඩ්න්, ඩිමොක්‍රටික් පක්‍ෂ ජනපති ධුර අපේක්‍ෂකයා ලෙස නම් කෙරුණු අවස්ථාවේ පටන්, ඔබාමාගේත් ඔබාමා බිරිඳ මිෂෙල්ගේත් සහාය ඔහුට නොඅඩුව ලැබුණි.
ඔබාමා සිය අවසන් ධුර කාලය හොබවද්දී, බයිඩ්න් ඇගැයීමට ලක් කළේ, නිදහස වෙනුවෙන් පිරිනැමෙන ජනාධිපති වීර පදක්කම බයිඩ්න්ට පිරිනැමීමෙනි. මෙය සිදුවූයේ ධවල මන්දිරයේ පැවැති විශේෂ උත්සවයකදී, බයිඩ්න් පුදුම කරවමිනි. එය ජෝ බයිඩ්න්ගේ නෙතට කඳුළක් ගෙනා සිදුවීමක් විය.
ජෝ බයිඩ්න්ගේ පුතු බෝ බයිඩ්න් මියගියේ 2015 දීය. ඒ, මොළයේ පිළිකාවක් හේතුවෙනි. ඔබාමාගේ දෙවැනියා එසේත් නැතිනම් ඇමෙරිකා උපජනාධිපතිවරයා ලෙස සේවය කරමින් සිටිද්දී, ජෝ බයිඩ්න් සහ බිරිඳ ජිල් එක් වී පිළිකා හඳුනා ගැනීමටත්, ප්‍රතිකාර කිරීමටත් වැඩසටහනක් ආරම්භ කළහ.
මෙමගින් ඇමෙරිකා පිළිකා රෝගීන් වෙනුවෙන් ඉටුවන සේවය අතිමහත්ය. මියයනවිට බෝ 46 හැවිරිදි වියෙහි පසුවිය. බෝ නීතිඥවරයෙකි. හමුදා නිලධාරියෙකි. බයිඩ්න්ගේ බාල පුතු හන්ටර් ද නීතිඥයෙකි. දෙස් විදෙස් සමාගම් කිහිපයක ව්‍යාපාරික කටයුතු පිළිබඳ උපදේශකවරයෙකි.
“තමන්ගේ අවසානයට පෙර, දරුවන්ගේ වියෝව අත්විඳින්න සිදුවීම මවකට හෝ පියකුට දරා ගන්න බැහැ. ජීවිතේ අහිමි වීම යනු කුමක්දැයි මා හට අලුත් දෙයක් නොවෙයි. පවුල තරම්, තම ආදරණීයයන් තරම්, වටිනා දෙයක් මේ ලෝකයේ නැහැ. සියල්ල අහිමි වෙද්දී, ජීවිතය ජයගන්න, ජීවිතයට ආලෝකයක් වන්න උදව් වන්නේ තමන්ගේ ආත්ම ශක්තියයි.
පුතු බෝ අහිමිවීම මට දරා ගන්න බැරිවුණා. හන්ටර් සහ බෝ දෙදෙනා කවදාවත් වචනයකින්වත් මගේ හිත රිදවා නැහැ. ඔවුන් දන්නවා අම්මා අහිමි වූ මොහොතේ පටන් ඔවුන්ට තාත්තා කෙනකු පමණක් නොවෙයි අම්මා කෙනකුත් වුණේ මා බව. ඔවුන් දෙදෙනාගේ වීරයා මමයි. ඔවුන් මා ගැන ආඩම්බර වෙනවා. ගෞරව කරනවා. මගේ ජීවිතේ ලොකුම ජයග්‍රහණය තිබෙන්නේ එතැනයි. අද මා ආඩම්බරකාර තාත්තා කෙනකු නොවෙයි. සීයා කෙනෙක්. අද මගේ මිනිබිරියන් උසස් අධ්‍යාපනයට යොමු වී සිටිනවා. ඒක මට ලොකු සතුටක්.” ජෝ බයිඩ්න් පවසා තිබේ.
ජෝ බයිඩ්න් ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වෙද්දී, උපජනාධිපති ධුරයට තේරී පත් වූයේ ඉන්දීය සම්භවයක් ඇති කමලා හැරිස් ය. කමලා හැරිස්ට පමණක් නොව, ජෝ බයිඩ්න්ට ද ඉන්දියාව සමඟ සම්බන්ධයක් ඇත. මුම්බායි නුවර බයිඩ්න් පරම්පරාවක් ද ජීවත් වෙයි. මේ බව අනාවරණය කර ඇත්තේ ද ජෝ බයිඩ්න්ය. ඒ, ඔබාමා පරිපාලන සමයේ, ඇමෙරිකන් උපජනාධිපති ලෙස ඉන්දියාවට ගිය අවස්ථාවකදීය.
බයිඩ්න් පරම්පරාවේ ආරම්භය සිදුවී ඇත්තේ අයර්ලන්තයෙනි. බයිඩ්න්ගේ පියාගේ පියාගේ පියා බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ, නැවක කපිතාන්වරයෙකි. ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසුව ද ඔහු පදිංචිය සඳහා තෝරා ගෙන ඇත්තේ මුම්බායි නුවරය. අද වනවිට බයිඩ්න් පවුල් තුනක් මුම්බායි නුවර වාසය කරන බව ද ජෝ බයිඩ්න් පවසා තිබේ.
ලුසිත ජයමාන්න
පොලිටිකෝ ඇසුරිනි
නිවර්තන පාරාදීසයක් වන ශ්‍රී ලංකාවේ දර්ශනීය කඳුහෙල් මෙන්ම, විශ්මය ජනක ගිරිශිඛර කන්දක් මුදුනට ළඟා වීමත්, ඒ අතරතුර කඳවුරු ගසා ගෙවන රාත්‍රීන් ද ජීවිතයේ ලබ
චීන ජනතාව අතර පවතින මතයක් වන්නේ - චීනයේ චොන්ග් චිං නගරයේ සිටිමින් සිචිකොව් (Ciqikou) නගරය වෙත නොයන්නේ නම්, අදාළ අය චොන්ග් චිං වෙත පැමිණීමෙන් පලක් නැතිය යන්නයි
“මම පුංචි මිනිහෙක් මම ඒක කරන්නේ කොහොමද” උන්වහන්සේගෙන් මම විමසුවා.
ඕස්ට්‍රේලියාවට එරෙහිව දැන් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ඉනිම සහ ලකුණු 242 ක දැවැන්ත පරාජයක් ලැබීම
ඉන්දියාවෙන් ලැබෙන අලුත්ම ආරංචිය මෙයයි. මේ පුවතට අදාළ ව පළවන රූපවල කොටා ඇති අකුරු කියවීමට සමත් වුවහොත් - ඉන්දීය රජයෙන් ඔබට මුදල් ත්‍යාගයක් හිමිවෙයි.
රුපියල් බිලියන 22 කට ආසන්න ආදායමක් පසුගිය 2024 වසරට ඉපයූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය (2025 - 27) ලබන මාර්තු 31 වැනිදා පෙරවරු 10 ට මේට්ලන්ඩ් පෙදෙසේ එහි මූලස්ථ
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අභියෝග මැදින් ජනපති පුටුවට ආ ජෝ බයිඩ්න්
ක්ලින්ටන් Monday, 16 November 2020 09:52 PM
ඇමරිකාවත් එහෙනං බයියෙකුට ගියා බොලං !
jayantha Thursday, 24 December 2020 01:16 AM
ඡන්දෙට හොර කලා මෙයා
jayantha Thursday, 31 December 2020 06:50 PM
ඇමෙරිකාවට හොද කාලයක් යයිද