සති අන්තයේත් ගෑස් බෙදන්න බැරිවෙයි

දයාසීලි ලියනගේ

ලිට්‍රෝ සමාගම මෙරටට ආනයනය කළ ගෑස් නෞකාවට ගෙවිය යුතුව ඇති ඩොලර් මිලියන 2.5ක මුදල සිකුරාදා දහවල් වනවිටත් ගෙවීමට ​නොහැකි වූ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මුදල් නොගෙවීම නිසා ගෑස් ගොඩබෑම තවත් ප්‍රමාද වී ඇත.  


ගෑස් රැගත් නෞකාවක් ඉකුත් 8 වැනිදා කොළඹ වරායට පැමිණි බව මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් කීය. එහෙත් එම නෞකාවේ ගෑස් ගොඩබෑම සඳහා මුදල් සොයාගත නොහැකිව තිබිණි.  


මීට අමතරව ඉන්ධන රැගත් නැව් දෙකක් සඳහා ද සිකුරාදා වනතුරුත් මුදල් ගෙවීමට නොහැකි වී ඇත. මෙම නෞකා තුන සඳහාම අවශ්‍ය මුදල් කඩිනමින් ගෙවීමට සැලසුම්කර ඇති බව ද ඔහු කීය.  


මුදල් නොගෙවීම නිසා ඉන්ධන හා ගෑස් බෙදා හැරීමට නොහැකිවීමෙන් පාරිභෝගික ජනතාව දැඩි අසීරුවට පත්වී ඇති අතර පොලිම් එන්න එන්නම දිගුවෙමින් පවතින බවද සඳහන් වේ.