(දයාසීලි ලියනගේ)
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආරක්ෂක අංශයේ හා භූමි මෙහෙයුම් අංශයේ කීපදෙනකුටම මේ වෙනවිට කොරෝනා ආසාදනය වී ඇති නිසා ඉදිරි පෙළ සේවා කටයුතුවල යෙදී සිටින අයට එන්නත ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.
සම්බන්ධතා පැවැත්වීමට ගුවන් සේවාවේ භූමි මෙහෙයුම් අංශයේ සේවයේ නියුතු අයට සිදුවෙන නිසා ඔවුන් සඳහා එන්නත් ලබා දෙන ලෙස ඉල්ලා ඇතැයි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ශ්‍රීලංකන් ගුවන් සේවා සංගමයේ සභාපති ජනක විජයපතිරණ මහතා කීය. මේ වෙනවිටත් ගුවන් සේවයේ කීප දෙනකුටම කොරෝනා ආසාදනය වී තිබෙන නිසා මෙම තත්ත්වය වර්ධනය වුවහොත් ගුවන් සේවයේ කටයුතු මුළුමනින්ම අඩාළවීමට ඉඩ තිබෙන බව ද පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd