(අජන්ත කුමාර අගලකඩ)  
ශ්‍රීලංකන් ගුවන් සමාගම එමිරේට්ස් සමාගමට ලබාදීම සම්බන්ධයෙන් එමිරේට්ස් සමාගම සමග සාකච්ඡා කිරීමට රජය තීරණය කර ඇත.  


ඒ සඳහා ආචාර්ය සරත් අමුණුගම, මලික් සමරවික්‍රම, කබීර් හෂීම් යන ඇමැතිවරුන්ගෙන් යුත් කමිටුවක් ද දැනටමත් පත්කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.  මේ පිළිබඳව එමිරේට්ස් සමාගම සමග ලබන මාසයේදී සාකච්ඡා කර, අවසන් තීරණයක් ගැනීමට රජය අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වේ.  


ශ්‍රීලංකන් ගුවන් සමාගම ලබාදීම සම්බන්ධයෙන් ලබන මාසයේදී එමිරේට්ස් සමාගම සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත්දා පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබිණි.