(දයාසීලි ලියනගේ)
ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යාමේ ව්‍යාපෘතිය යටතේ (VRS) ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවකයින් 200 දෙනෙක් විශ්‍රාම ලබා ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ සේවකයන් 500 ක් ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යනු ඇතැයි ශ්‍රීලංකන් ගුවන් සේවය සැලසුම් කර තිබුණත් විශ්‍රාම ලබා ඇත්තේ 200ක පිරිසක් පමණක් බව වාර්තා වේ.
මෙම පිරිස විශ්‍රාම ලබා වසර 3ක් යනතුරු එම තනතුරුවලට අලුතෙන් සේවකයන් බඳවා නොගන්නා බවට ද එම ව්‍යාපෘතියේ කොන්දේසියක් ඇතුළත් වෙන බව එහි ප්‍රකාශකයෙක් කීය.
මේ වෙන විට ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවක සංඛ්‍යාව 6200 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd