(දයාසීලි ලියනගේ)
රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් තේ කර්මාන්තශාලා 12ක් වසා දමා තිබෙන බව වාර්තා වේ.
පසුගිය කාලය පුරා මෙම කර්මාන්ත ශාලාවලින් ලාභයක් නොමැති බව සඳහන් කරමින් නොසලකා හැර ඇති බව ද සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති නීතිඥ ශ්‍රීමාල් විජයසේකර මහතාගෙන් කළ විමසීමේ දී ප්‍රකාශ කළේ මෙම කර්මාන්තශාලා බොහොමයක් බදු දීම නිසා පිරිහීමට පත්වී තිබෙන බව සොයා බැලීමක දී අනාවරණය වූ බවයි.
පසුගිය කාලය තුළ මෙම වතු වැවිලි සමාගම්වලට පැවරීම, බදු ලබාගත් අය තේ වගාව ගැන උනන්දුවක් නොදැක්වීම ඇතුළු හේතු ගණනාවක් නිසා කර්මාන්තශාලා 12 ක් වසා දමා තිබෙන බව ද නීතිඥ විජයසේකර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd