විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය
(උපුල් වික්‍රමසිංහ)
කොළඹ විශ්වවිද්‍යාලයේ අභිනව කුලපති වශයෙන් පත් වීම් ලද අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අදාළ පත්වීම සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගම් මගින් ලබා දෙන මතය අනුව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.
එහි සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨය මේ වන විටත් අදාළ පත්වීම සම්බන්ධ නිල මතය ඉදිරිපත් කරමින් ඊට විරෝධය දක්වා ඇති බවත් සෙසු පීඨවල නිල මතය අද 05 දිනයේ දී දැනුම් දෙනු ඇති බවත්ය.
මේ පත්කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතු බවට අදහස් ඉදිරිපත්ව ඇති බව සඳහන් කරන මහාචාර්යවරයා විශ්ව විද්‍යාලයක කුලපති ධුරය යනු ගෞරවණීය තනතුරක් බවත් එය දැරීමට පත්වන පුද්ගලයන් ද සුදුසුකම් සහිත අය විය යුතු බවත් කියා සිටියි. 1021620354

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd