යෝජනාව කැබිනට් මණ්ඩලයට
සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණ මුදල රුපියල් ලක්ෂ 10 ක් දක්වා වැඩි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.
පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාවේදී මෙම ප්‍රශ්නය සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී කතානායකවරයා මේ බව දැනුම් දී ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකුට දැනට ලැබෙන වෛද්‍ය රක්ෂණයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකි.
පවතින ආර්ථික තත්ත්වය යටතේ සියලුම වෛද්‍ය සේවා ඉහළ ගොස් ඇති හෙයින් එම රක්ෂණ මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මන්ත්‍රීවරු රැසක් කතානායකවරයාට පෙන්වා දුන්හ.
මේ අතර සාහසිකයන් පිරිසක් විසින් නිට්ටඹුවේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා වෙනුවෙන් ඒ මහතාගේ පවුලේ උදවිය සඳහා රුපියල් කෝටියක වන්දි මුදලක් පිරිනැමීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී පසුගියදා තීරණය කෙරිණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd