දයාසීලි ලියනගේ
මේ වෙන විට ජාතික සභාවක් පත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි.
පක්ෂ නායකයන්ගෙන් සමන්විත ජාතික සභාවක් පත්කර අගමැතිවරයා හා කුඩා කැබිනට් මණ්ඩලයක් පත් කරන ලෙසට යෝජනා කළ අතර දැන් ඒ සියල්ල සිදු කර අවසන් වීමෙන් පසු ජාතික සභාවක් පත් කිරීමේ තේරුමක් නොමැති බවද මහලේකම්වරයා ප්‍රකාශ කළේය.
රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීම අනවශ්‍ය බව ප්‍රකාශ කළත් මේ ෙවන විට රාජ්‍ය ඇමැතිවරුන් 37 දෙනකු පත්කර තිබෙන බව ද ඔහු කීය.
ජාතික සභාවකින් කළයුතු දෑ සිදුවී අවසන් වූ පසු දැන් ජාතික සභාවක් පත් කිරීමේ අවශ්‍යතාව කුමක්දැයි පක්ෂ නායක හමුවේ දී විමසා සිටි බවද ඔහු කීය. මෙම ජාතික සභාව පිළිබඳ විවාදය අනිද්දා (20) පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd