(ශිරාන් රණසිංහ)  

බ්ලොක් ගලක් බැඳීම සඳහා වැයවෙන වියදම රුපියල් 110ක් පමණ දක්වා ඉහළ යාම නිසා නිවාස ඇතුළු සාමාන්‍ය ඉදිකිරීම් කටයුතු සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇතැයි ඉදිකිරීම් සමාගම් කියා සිටිති.  

ඒ අනුව බ්ලොක්ගල් 1000 ක් බැඳීම සඳහා රුපියල් එක්ලක්ෂ දසදහසක පමණ වියදමක් යන බව ද ගණන් බලා ඇත.  


මේ වන විට මේසන් බාස් කෙනෙකු රුපියල් 2500 සිට 2800 දක්වා දෛනික කුලියක් අයකරන අතර කම්කරුවෙකුට රුපියල් 1800 ක් පමණ ගෙවීමට සිදුව තිබේ.  


මේ වන විට වෙ​ෙළඳපොළේ බ්ලොක් ගලක මිල රුපියල් 40ක් පමණ වෙන අතර බාස්කුලිය ලෙස ගලක් බැඳීමට යන වියදම රුපියල් 30කි. ඒ අනුව සිමෙන්ති, වැලි හා සිදුවන නාස්තිය ගණනය කිරීමේදී බ්ලොක් ගලක් බැඳදීමට රුපියල් 110 ක් පමණ වැය වෙන බව ද ඉදිකිරීම් සමාගම් කියා සිටිති. මෙම වියදම් ග්‍රාමීය මට්ටමේ සිට නාගරික මට්ටමට යන විට තවත් ඉහළ යන බව ද මහා පරිමාණ සමාගම්වල ඉදිකිරීම් හැර රට තුළ නිවාස ඉදිකිරීම් කටයුතු සැලකිය යුතු මට්ටමින් අඩු වී ඇතැයි ද පැවසීය.  


බදු බර, ආහාර පාන ඇතුළු වියහියදම් ඉහළ යාම ද මීට බලපා තිබේ.