(මනෝප්‍රිය ගුණසේකර)
බැඳුම්කර වංචාවට අදාළ සිද්ධියේ සැකකරුවන් වශයෙන් මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් නම් කරනු ලැබීය.
මෙම පුද්ගලයන්ගෙන් සිද්ධියට අදාළව කටඋත්තර ලබාගත යුතු බව කියමින් අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය දැනට විදේශගතව සිටින සිංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ලබන 15ට පෙර ශ්‍රී ලංකාවට පැමිණ මෙම සිද්ධියට අදාළව රහස් පොලිසියට ප්‍රකාශයක් ලබාදෙන ලෙස නියම කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd