(දයාසීලි ලියනගේ)
රුපියල් කෝටි 58 ක හිඟ බදු මුදල් නොගෙවීම නිසා නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවා ඇති ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදන ආයතනයක් බදු ගෙවන තෙක් නිෂ්පාදන කටයුතු කිරීමට අවස්ථාව ඉල්ලා මුදල් අමාත්‍යාංශයට ලිපියක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
හිඟ බදු මුදල් ගෙවන තෙක් මේ මස මුලදී නිෂ්පාදන බලපත්‍රයක් ලබා දී තිබුණත් පසුව එය අවලංගු කර ඇත.
බදු නොගෙවා බලපත්‍රය ලබා දී තිබූ කාලයේ සුරාබදු දෙපාර්තමේන්තුවේ පහළ නිලධාරින් එහි නිෂ්පාදන ආයතනයට සීල් තබා තිබීම නිසා මත්පැන් නිෂ්පාදනය මුළුමනින්ම අඩාළ වී තිබූ බවද වාර්තා වේ.
මේ වෙනවිට බලපත්‍රය මුළුමනින්ම අවලංගු කර ඇති නිසා බදු මුදල් ගෙවන තෙක් නිෂ්පාදන කටයුතු කරගෙන යාමට මුදල් අමාත්‍යංශයෙන් අනුමැතිය ඉල්ලා ඇති බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd