(නිශාන්ත කුමාර බණ්ඩාර) 

සභා මැතිවරණය ලබන වසරේ ජනවාරි 05 වැනිදා හෝ 12 වැනිද‌ා පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි මැතිවරණ කොමිෂන් කාර්යාල ආරංචි මාර්ග පවසයි. 

දැනට නිල කාලය අවසන් වී ඇති පළාත් සභා ආයතන තුනේ මැතිවරණය පවත්වන්නේ නම් මේ වසර තුළදී වුව ද පැවැත්විය හැකි බවත් එහෙත් එය කුමන පදනමක් මත පවත්වන්නේ ද යන්න ගැන මෙතෙක් තීරණයක් ගෙන නැති බවත් සඳහන් වේ. 


ලබන මාසයේ නිල කාලය අවසන් වී යන පළාත් සභා 3 ත් සමඟ මෙයට කලින් නිල කාලය අවසන් වූ පළාත් සභා මැතිවරණ 3 ත් සමග සියලු පළාත් සභා 6 මැතිවරණය එකවර පවත් වන්නේ නම් එය බොහෝ දුරට ලබන වසරේ ජනවාරි 05 වැනිද‌ා පැවැත්විය හැකි බව එම ආරංචි මාර්ග පවසයි.  බොහෝ දුරට මැතිවරණයක් පවත්වන්නේ සෙනසුරාද‌ා දවසක නිසා එය ලබන වසරේ ජනවාරි 05 වැනිද‌ා හෝ 12 වැනිද‌ා විය හැකි බව එම කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය. 


මේ පිළිබඳ අප මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව විසින් ලබා දෙන නිර්දේශයන්ට අනුව මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි. බොහෝ දුරට සීමා නිර්ණ වාර්තා ගැටලුව විසඳුන හොත් ලබන වසරේ ජනවාරි 05 වැනිද‌ා හෝ 12 වැනිද‌ා මැතිවරණයක් පැවැත්විය හැකි බව ද ඔහු සඳහන් කළේය.