අජන්ත කුමාර අගලකඩ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රට පුරා පැවැත්වීමට සැලසුම් කළ රැස්වීම් මාලාව තාවකාලිකව අත්හිටුවා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අවස්ථාවේ පොහොට්ටුවේ දේශපාලන රැස්වීම් පැවැත්වීම එතරම් සුදුසු නොවන බවට පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් පෙන්වා දීම නිසා මෙම රැස්වීම් මාලාව තාවකාලිකව නතර කර ඇතැයි දැනගන්නට ඇත.
මුලින්ම පාක්ෂිකයන් ගැන බලා, පක්ෂය සංවිධානය කර, ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් පැවැත්වීම වඩාත් සුදුසු බව එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇතැයි දැනගන්නට තිබේ.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා හිටපු ජනාධිපතිවරයා ඉකුත්දා හමුවූ අවස්ථාවේදී ඔහුට ද මේ බව පෙන්වා දී ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන රැස්වීම් මාලාව කළුතරින් ආරම්භ කර, නාවලපිටිය සහ ආණමඩුව යන ප්‍රදේශවල මීට පෙර පැවැත්විණි. තවත් දිස්ත්‍රික්ක කිහිපයක පැවැත්වීමට දින ද වෙන්කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd