
(සුජිත් හේවාජුලිගේ)
පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂා කිරීම ඇතුළු පොලිසියේ රාජකාරි සඳහා සුනඛ පැටවුන් ලබා ගැනීමේ අරමුණින් උසස් වර්ගයේ බල්ලන් සහ බැල්ලන් 25 දෙනෙකු විදේශයෙන් මිලදී ගැනීමට ටෙන්ඩර් පත් කැඳවා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මෙම එක් සුනඛයෙකු ලක්ෂ දහයක් පමණ වේ යැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.
පොලිස් නිල සුනඛ අංශයෙන් කෙරුණු ඉල්ලීමක් අනුව පොලිස් සැපයුම් සේවා කොට්ඨාසය මෙම සුනඛයන් මිලදී ගැනීමට කටයුතු කරගෙන යයි.
ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට පොලිස් දෙපාර්තමේන්තුවට නිල සුනඛයන් සහ අශ්වයන් 2019 වර්ෂයෙන් පසු මිලදී ගෙන නොමැත.
මෙම බල්ලන් සහ බැල්ලන් මාර්ගයෙන් පැටවුන් ලබාගෙන ඒ සතුන් පොලිසියේ විවිධ රාජකාරි සඳහා පුහුණු කිරීමට බලාපොරොත්තු වන බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd