(දයාසීලි ලියනගේ)
මෙරට ප්‍රධානම මත්පැන් නිෂ්‍පාදන සමාගමක නිෂ්‍පාදන කටයුතු අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මෙම ආයතනයෙන් ගෙවිය යුතුව ඇති රුපියල් කෝටි 65ක හිඟ බදු මුදල් නොගෙවීම නිසා ඔවුන්ගේ නිෂ්‍පාදන කටයුතු මෙසේ තාවකාලිකව අත්හිටුවා ඇත.
නියමිත බදු මුදල් ගෙවා අවසන් වෙනතුරු බලපත්‍ර නිකුත් නොකිරීම සාමාන්‍ය පිළිවෙත වුවත්, පසුගිය කාලය තුළ හිඟ බදු මුදල් ගෙවා නොතිබුණත් මෙම සමාගමට බලපත්‍රය නිකුත් කිරීම සිදු විය. පසුගිය ජුලි 31 වැනි දින වනවිට හිඟ බදු මුදල රුපියල් කෝටි 65ක් වුවත් අගෝස්තු මාසයට එම බදු මුදල කෝටි 90කට ආසන්න වෙන බවද පැවසේ.
මේ පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් වසන්ත දිසානායක මහතාගෙන් කළ විමසීමේ දී ප්‍රකාශ කළේ, හිඟ බදු මුදල් ගෙවන තෙක් මෙම සමාගමේ මත්පැන් නිෂ්පාදන කටයුතු අත්හිටවූ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd