ඇමැති දිගම්බරම්
(නිශාන්ත කුමාර බණ්ඩාර)
සිය අමාත්‍යාංශයට අදාළ දෙපාර්තමේන්තු වෙන් නොකිරීම නිසා ජනතාවගේ ගැටලු විසඳීමට බාධාවක් වී ඇතැයි වතු යටිතල පහසුකම් අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසයි.
තම අමාත්‍යාංශය යටතේ මෙහෙවර රැසක් කිරීමට ඇතත් කුමන දෙපාර්තමේන්තුවකට අයත්ද යන්න පිළිබඳ දෙපාර්තමේන්තු වෙන් නොකිරීම ගැටලුවක් යැයි ද ඔහු ප්‍රකාශ කළේය.
මේ නිසා සිය අමාත්‍යාංශය සුදු අලියෙක් වී ඇතැයි ඔහු පැවැසීය.
මේ පිළිබඳව දිගින් දිගටම රජයට බලපෑම් කළද නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා ආණ්‍ඩුව පිළිබඳ සෑහීමකට පත්ව නැතැයි ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd