දයාසීලි ලියනගේ

අතිකාල ගෙවීම් සීමා කරන ලෙස මුදල් අමාත්‍යාංශය නියම කර ඇතත් ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ ප්‍රධාන අංශ තුනක ඇතැම් නිලධාරීන්ට හා සේවකයන්ට මාසයකට පැය 150 ක අතිකාල දීමනාමක් ගෙවන බව වාර්තා වේ.

විධායක නිලධාරීන්ට රාත්‍රි 7.00න් පසු නිවසට යාමට ආයතනයෙන් ප්‍රවාහන පහසුකම් ලබා දෙන අතර අතිකාල දීමනාවලට අමතරව, පැමිණීමේ දීමනාව හා සියයට 4 පොලියට වාහන ණය ලැබීමේ පහසුකම ද හිමි වී තිබෙන බව වාර්තා වේ.   


මීට අමතරව ප්‍රධාන පෙළේ අංශ තුනක සේවකයන් රාත්‍රී 10.00 දක්වා අතිකාල සේවාවල යෙදී සිටින අතර සෙනසුරාදා සේවය කිරීම වෙනුවෙන් සතියේ දිනක නිවාඩුවක් හිමිවන බව ද දැන ගන්නට ඇත.   


මේ අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ අතිකාල ගෙවීම පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.