(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවේ අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට ගෙවන විශේෂ දීමනා සම්බන්ධ සවිස්තර වාර්තාවක් ලබා දෙන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් සතියේ (22) පැවැති කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර ඇති බව රජයේ ආරංචිමාර්ග කියයි.
ආණ්ඩුවේ අධීක්ෂණ මන්ත්‍රීවරුන් 53 දෙනෙකුට රුපියල් ලක්ෂ දෙකක මාසික ප්‍රවාහන දීමනාවක් ලබා දෙන බව තොරතුරු දැනගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය මීට පෙර දැනුම් දී තිබිණි.
ඊට අමතරව, ගම්පෙරළිය වැඩසටහනේ අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට කාර්යාලයක්, කාර්ය මණ්ඩලයක්, වාහනයක් හා ඉන්ධන දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත්කර තිබූ අතර එය සාකච්ඡාවට ගැනීම ජනාධිපතිවරයාගේ නියමයෙන් පසුවට කල් දැමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd