(අජන්ත කුමාර අගලකඩ)
යෝජිත ජාතික ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ කඹ ඇදිල්ලක් ඇතිව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ජාතික ආණ්ඩුවට පක්ෂව ඡන්දය දෙන බවට මුලින් ප්‍රකාශ කර පසුව එම අදහස් වෙනස් කිරීම නිසා මේ තත්ත්වය ඇතිව තිබෙන බව එම ආරංචි මාර්ගවලින් පැවසේ.
ශ්‍රීලනිපයේ පිරිසක් ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාවට පක්ෂව ඡන්දය නොදෙන්නේ නම් ඔවුන්ටද ඇමැතිකම් හිමිවන ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ තේරුමක් නැතැයි ආණ්ඩුවේ පක්ෂ නායකයින් කිහිපදෙනකු ප්‍රකාශ කර ඇති බවද වාර්තාවේ.
ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවමින් ගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කර ගැනීමට ආණ්ඩුව සැලසුම්කර තිබුණද ඇතිව තිබූ තත්ත්වයත් සමඟ යෝජනාව ඉදිරිපත් කිරීම කල් දැමීමට ආණ්ඩුව කටයුතු කළේය.
ඒ අනුව ජාතික ආණ්ඩුව යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන දිනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd