
(දයාසීලි ලියනගේ)
ගෑස් හිඟය නිසා නවාතැන්වල රැඳී සිටින බහුතරයක් පිරිසකට රාත්‍රී ආහාර ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත.
මෙතෙක් රාත්‍රියට විවෘතව තිබූ කෑම කඩ සියල්ලක්ම පාහේ මේ දිනවල රාත්‍රියට වසා දැමීම නිසා මේ තත්ත්වය උදාවී තිබේ.
විශේෂයෙන් දුර බැහැර පළාත්වල සිට ඉදි කිරීම් කටයුතු සඳහා කොළඹට පැමිණ සිටින පිරිස මේ තත්ත්වයට මුහුණ පා සිටින බව වාර්තාවේ.
ගෑස් ප්‍රශ්නය නිසා පසුගිය කාලයේ සිටම කෑම කඩ බොහොමයක් වසා තිබුණ අතර මේ වන විට ඉතිරි වූ කෑම කඩද රාත්‍රියටත් වසා දැමෙන බව කියති.
ගෑස් ප්‍රශ්නය නිසා මෙම කම්කරු අංශවල සේවකයන් දහස් ගණනකට තම තමන්ට ආහාර පිළියෙල කර ගැනීමට ද නොහැකි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd