(සමන්තිකා මාධවී) 
ගතවූ වසරක කාල සීමාව තුළදී පොලිස් පහරදීම් තිහක්, පොලිස් අත්අඩංගුවට පත්ව සිටියදී මියයෑමේ සිදුවීම් දෙකක්ද වශයෙන් පොලිසිය සම්බන්ධ චෝදනා එක්දහස් හාරසිය හතළිස් අටක් වාර්තා වී ඇතැයි ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහන් කරයි.
එම කොමිසමට වාර්තාවූ පැමිණිලි අතරින් තුන්සිය හැට අටක් පොලිසියට ලද පැමිණිලි විභාග නොකිරීමේ සිදුවීම්වලට අදාළව වාර්තාවී ඇති අතර නීතිය අයුතු ලෙස යොදා ගැනීම් දෙසිය අසූ හයක්ද පක්ෂග්‍රාහීව කටයුතු කිරීම් දෙසිය දහයක්ද බොරු චෝදනා මත අත්අඩංගුවට ගැනීම් හැත්තෑ එකක් යනාදි වශයෙන් වාර්තා වේ. අල්ලස් ගැනීම් හා දූෂණ චෝදනා දහයක්ද ඒ අතරට වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd