(අජන්ත කුමාර අගලකඩ)
බස් රථ ධාවනය සඳහා ඉදිරි මාස තුනේදී තවත් ප්‍රධාන මාර්ග තුනක ප්‍රමුඛතා මංතීරු හඳුන්වා දෙන බව මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
බත්තරමුල්ලේ සිට පිටකොටුව දක්වාද, පුරහල සිට තුම්මුල්ල දක්වාද, ගාලු පාරේ තැන් කිහිපයකද ප්‍රමුඛතා මං තීරු සඳහා වෙන් කිරීමට තෝරාගෙන ඇතැයි ඇමැතිවරයා සඳහන් කළේය.
මංතීරු හය බැගින් තිබෙන මාර්ගවල පමණක් බස් රථ සඳහා ප්‍රමුඛතා මංතීරු හඳුන්වාදිමට සැලසුම් කර ඇතැයිද ඔහු කීවේය.
රාජගිරියේදි ඉකුත්දා නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ ප්‍රමුඛතා මං තීරු වැඩ සටහන සාර්ථක වූ බැවින් එහි ඉදිරි පියවරක් ලෙස මාර්ග තුනක බස් රථ සඳහා ප්‍රමුඛතා මං තීරු හඳුන්වා දීමට කටයුතු යොදා ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd