රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
(උපුල් වික්‍රමසිංහ)
ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු කර ඇති කොවිඩ් 19 එන්නත්කරණ ක්‍රියාවලියේ දී සාමාන්‍ය උණ ගැනීම්, ඇඟපත තෙහෙට්ටුවීම් ආදී තත්ත්වයන්ට එහා ගිය අනතුරුදායක රෝග තත්ත්වයන් වාර්තා වී නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ‘ඉරිදා ලංකාදීප’යට ප්‍රකාශ කළේ එන්නත ලබා ගැනීමෙන් පසු උණ ගැනීම් ඇඟපත වේදනාව ආදී රෝග තත්ත්වයන් ඇති වුවද එමගින් අදාළ එන්නත සුදුසු නොවන බව හෝ එය නොගෙන සිටිය යුතු බව හෝ අදහස් නොවන බවය.
ඕනෑම එන්නතක් ලබා ගැනීමේ දී මෙවැනි සුළු ආසාත්මිකතා ඇති වීම සාමාන්‍ය තත්ත්වයක් බව පවසන වෛද්‍යවරයා එවැනි ප්‍රතිචාර මගින් එන්නත හොඳින් ක්‍රියාකාරී වන බව තහවුරු වන්නේ යැයි ද සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd