(මහින්ද නිශ්ශංක)
කිරිපිටි මිල ඉදිරි දින කීපය තුළ දී අඩුවෙන බව රජයේ ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.
මේ අනුව ග්‍රෑම් 400 ප්‍රමාණයේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 15ත් 20ත් අතර ප්‍රමාණයකින් අඩුවීමට ඉඩ ඇති බව ද වාර්තාවේ.
රජය මගින් වැට් 15% සිට 8% දක්වා අඩු කිරීම හා සියයට 2.04ක් වශයෙන් පැවති ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කිරීම නිසා කිරිපිටි මිල අඩුවෙන බව ද අනාවරණය වේ.
රජයේ බදු සහනයේ වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් කිරිපිටි මිල අඩු කිරීම සම්බන්ධව මුදල් අමාත්‍යාංශය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා කිරිපිටි සමාගම් සාකච්ඡා කරගෙන යන බව ද වාර්තා වේ.
රුපියල් 395ක් ද කිලෝව පැකට්ටුවක මිල රුපියල් 985ක් ද වේ.
මීට මාස දෙකකට පමණ පෙර ආනයනික කිරිපිටි මිල වැඩි කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd