(දයාසීලි ලියනගේ)
කොරෝනා මර්දනයට පියවර ගන්නා අතරම රටේ ජන ජීවිතය අඩාළ නොවීමට හා මානසික පීඩාවෙන් ජනතාව ගලවා ගැනීමට වැඩි අවධානය යොමු කළ යුතුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට නිර්දේශ කර ඇත.
ජන ජීවිතය අඩාළ නොවීම සඳහා කොරෝනා වසංගතය පැතිර යන කුඩා පරිපාලන කොට්ඨාස මට්ටමින් ප්‍රදේශ වසා දැමීමේ ක්‍රමවේදය දැනටමත් ක්‍රියාත්මක වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කීය.
ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දී ඇති නිර්දේශ දැනටමත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන අතර එසේ නොවුනහොත් රට දැඩි ආර්ථික පරිහානියකට ලක්වීම වැළැක්විය නොහැකි බව කොරෝනා මර්දන කාර්ය සාධක බළකායේ සාකච්ඡාවලදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව ද පාදෙණිය මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd