(දයාසීලි ලියනගේ)
මෙරට බදු ගෙවන්නන් විසින් මේ තාක් රුපියල් කෝටි 28597 ක මුදලක් ගෙවා නැති බව දේශීය ආදායම් දෙපාර්ත මේන්තුව මගින් රාජ්‍ය ගිණුම් කාරක සභාවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කර ඇත.
හිඟ බදු විස්තර හා බදු ගෙවීම පැහැර හැර ඇති කාල සීමාවන් වාර්තාවක් රාජ්‍ය ගිණුම් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසට පසුගිය දෙසැම්බර් මාසයේදී තිබූ නියෝගයකට අනුව පසුගිය සතියේදී මෙම වාර්තාව සභාවට ඉදිරිපත් කර තිබුණි.
එම වාර්තාවට අනුව වර්ෂ 2013 ට පෙර රුපියල් කෝටි 9003 ක්ද 2013 සිට 2020 දක්වා රුපියල් කෝටි 19584ක්ද අයවිය යුතුව ඇති බවද එම වාර්තාවේ සඳහන් කර ඇත.
මෙයින් අයකරගත හැකි මුදල රුපියල් කෝටි 19263ක් වෙන බවද සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd