
දයාසීලි ලියනගේ
මින් පසු තොටළඟ කජීමාවත්ත තාවකාලික නවාතැන් පවත්වා ගෙන යාමට යොදා නොගන්නා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නාගරික සංවර්ධන අධිකාරියට දන්වා ඇත.
පැල්පත් හා වතු ජනතාවට ස්ථීර නිවාස ලබා දෙන තෙක් කජීමාවත්තේ තාවකාලිකව පදිංචි කිරීම පසුගිය කාලය පුරාම සිදුවිය.
මීට පෙර අවස්ථා තුනකදීම මෙම වත්තේ ගිනි ගැනීම් සිදුවී ඇත. තාවකාලික නිවාස ඉදිකිරීම් අවිධිමත් හා අපරික්ෂාකාරීව සිදුවන නිසා ගිනි ගැනීම් සිදුවන බව සඳහන් වේ.
මේ වන විට පැල්පත් හා වතු නිවාසවල සිටි බහුතරයකට ස්ථීර නිවාස ලබා දී ඇතැයි රජය කියයි.
පසුගිය සතියේ අග්‍රාමාත්‍යවරයා හා අදාළ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී මේ බව දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd