(දයාසීලි ලියනගේ)
දින 250ක කාලයකට නිශ්චිත කරගත් සංවර්ධන වැඩපිළිවෙළක් සඳහා සැලසුම් සකස් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
මෙම සැලසුම් සකස් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් සජිත් ප්‍රේමදාස, රවි කරුණානායක, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, රාවුෆ් හකීම්, මනෝ ගනේෂන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නායකත්ව මණ්ඩලයක් පත්කර ඇත.
මෙම සංවර්ධන සැලැස්මට එක්සත් ජාතික පෙරමුණේ සියලු පක්ෂවල අනුමැතිය ලැබුණු පසු ඒ ඒ අංශවලට වෙන වෙනම විෂයට අදාළ ප්‍රවීණයන්ගෙන් යුතු කමිටු පත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
එක්සත් ජාතික පෙරමුණ යළි බලයට පැමිණි පසු දින 250ක කාලයක් තුළ වහාම ක්‍රියාත්මක කළ යුතු සංවර්ධන වැඩපිළිවෙළ සකස් කිරීම පක්ෂය මගින් දැනටමත් ආරම්භ කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd