(නිශාන්ත කුමාර බණ්ඩාර)
යළිත් වරක් යුද්ධයක් හෝ උතුරේ අස්ථාවර භාවයක් ඇති වුවහොත් එහි වගකීම ආණ්ඩුව වෙත පැවරෙන බව උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශෂිදරන් මහත්මිය පවසයි.

තමන්ද එල්.ටී.ටි.ඊ. සංවිධානයට සම්බන්ධ වී සිටියත් දැන් එයින් මිදී උතුරු පළාත් ජනතාවගේ සුබසිද්ධිය සඳහා ක්‍රියාකිරීමට දේශපාලන තීන්දුවක් ගත් බව ඇය ප්‍රකාශ කළාය.
තමන් ඇතුලු තමන් නියෝජනය කරන දෙමළ සන්ධානවද උතුරේ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීමට කටයුතු කරන බවත් ආණ්ඩුවෙන් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඇය ප්‍රකාශ කළාය.
යම් හෙයකින් යුද්ධක් ඇතිවුවහොත් එහි වගකීම ආණ්ඩුව මෙන්ම ජාත්‍යන්තරය ද වගකිව යුතු බවත් උතුරේ ජනතාවගේ ගැටලු විසඳීමෙන් එවැනි තත්ත්වයක් ඇති නොවන බවත් ඇය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව්. 75 බෝම්බ පුපුරවල, 83 ආර්මි එකේ 13 දෙනෙක් මරල දාල අහිංසක විදියට පටන්ගත්ත කොටි නාටකය ආයෙත් ගන්නකො මෙයාත් ,මෙයාගේ සැමියත් කොටි පරපුරේනේ ,බැරි කමක් නැහැ ඉල්ලන් කාල පුරුදුයි නේ
එහෙම වුනොත් වගකියන්න ඕනේ ආණ්ඩුව නෙමෙයි, ඔයගොල්ලෝ, ඔයගොල්ලන්ගේ සන්විදනයෙන් පැහරගෙන ගිහිල්ල මැරිල නැත්නම් දැනට රට පැනල ඉන්න කට්ටිය කට්ටිය අතුරුදහන් වෙලා කියනව. එත් බොහොමයක් අය ඉන්නේ රට. අනිත් එක යුද්දේ සහ අහිංසක දෙමල ජනය දඩයම කරගෙන ඔයගොල්ලන් හදන්නේ ඩයස්පොරවත් එක්ක එකතු වෙලා සල්ලි හොයන්න. මොකද අපි දන්නවා ඔය දෙගොල්ලන්ට ඩොලර් කූටි ගනන් ලැබුන බව. එත් එක සතයක්වත් මේ දෙමළ මින්ස්සුන්ට දුන්නේ නැ, එකනේ ඔයගොල්ලන්ගේ ලමයි වෙන රටවල් ඉගෙන ගන්නේ.