(අජන්ත කුමාර අගලකඩ)
ඉදිරි දේශපාලන තීන්දු කිහිපයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන බදාදා (19) රාත්‍රී 7.00ට ජනාධිපති නිල නිවසේදී රැස්වෙයි.
පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ, සංවත්සර උළෙල පැවැත්වීම, නව සංවිධායකයින් පත් කිරීම හා වත්මන් දේශපාලන තත්ත්වය ආදී කාරණා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තීන්දු ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රීලනිප මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.
නිල කාලය අවසන් වන පළාත් සභාවල මැතිවරණය පැවැත්වීම හා ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡෘ කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd