(දයාසීලි ලියනගේ) 
අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් මුදල් ලබාගත් බව කියන මන්ත්‍රී පිරිසක් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් පිරිසක් හමුවී තමන්ට එල්ල වෙනු ඇතැයි කියන චෝදනාවලින් ගැලවීමට උපදෙස් ඉල්ලා ඇති බව වාර්තා වේ.
තමන්ට එවා ඇති මුදල් ලබාගත්තත් ඒ මුදල් එව්වේ ඔහුට පක්ෂපාතිව කටයුතු කරන ලෙසට නොවන බව ඔවුන් ප්‍රකාශ කර ඇත. අදාළ නම් ඇති ලේඛනය ප්‍රසිද්ධියට පත් නොකරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින ලෙසට ඔවුන්ට උපදෙස් ලැබී ඇතැයි දැන ගන්නට ඇත. මෙම මුදල් ගත් බව රටට අනාවරණය වුවහොත් එය තම තමන්ගේ දේශපාලන ජීවිතයට බලවත් ප්‍රශ්නයක් වනු ඇතැයි මෙම මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd