රට සිටි මාස දෙකටත් දාසය ලක්ෂයක ඉන්ධන දීමනා ගෙවලා
දයාසීලි ලියනගේ
පළාත් සභා ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකුට නීති විරෝධී ලෙස රුපියල් ලක්ෂ 31 ක ඉන්ධන දීමනා ගෙවීම සම්බන්ධයෙන් මූලික වී සිටින පළාත් සභා දෙකක නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
එක් ආණ්ඩුකාරවරයෙක් මාස දෙකක කාලයක් විදේශ ගතවී සිටියදී ඔහුට රුපියල් 1,620,000 ක මුදලක් ඉන්ධන දීමනා ලෙස ගිණුම් ගත කර ඇති බව විගණන අංශ මගින් අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
තවත් ආණ්ඩුකාරවරයෙක් තමන්ට හිමි ඉන්ධන දීමනාවලට අමතරව රුපියල් ලක්ෂ 15 ක අතිරේක ඉන්ධන දීමනාවක් ලබා ගෙන ඇති බව ද විගණන අංශ පෙන්වා දී ඇතැයි අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
මෙහිදී අදාළ ආණ්ඩුකාරවරුන් ද යම් වැරැද්දක් සිදුකර ඇති අතර, මූලික වශයෙන් අදාළ පළාත් සභාවල ගිණුම් අංශවල නිලධාරීන්ගේ වරදින් මෙම නීතිවිරෝධී ගෙවීම් සිදුකර ඇති බව ද සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd