
පරණ අවුරුද්දට ස්නානය
අප්‍රේල් මස 12 වන සඳු දින දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය කිරීම සුදුසු වේ.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වන බදාදා පූර්ව භාග 02.33ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13 වැනි අඟහරුවාදා අපර භාග 08.09 සිට 14 වැනි බදාදා පූර්ව භාග 08.57 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන අඟහරුවාදා දින අපර භාග 08.09ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් අප්‍රේල් මස 14 වැනි බදාදා පූර්ව භාග 02.33 සිට එදිනම පූර්ව භාග 08.57 දක්වා කාලය තුළ පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය ආදී නැකැත් චාරිත්‍ර විධි ඉටු කිරීම යෝග්‍ය වේ.
ආහාර පිසීම
අප්‍රේල් 14 වැනි බදාදා දින පූර්ව භාග 06.17ට ළා කොළ (පලාවන්) පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ළිප් බැඳ එළකිරි මිශ්‍ර කිරිබතක් හා මුං ඇට මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙළ කර ගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වැනි බදාදා පූර්ව භාග 07.41ට පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය යෝග්‍ය වේ.
හිසතෙල් ගෑම
අප්‍රේල් මස 17 වැනි සෙනසුරාදා පූර්ව භාග 07.16ට දකුණු දිශාව බලා හිසට නුගපත්ද පයට කරඳ පත්ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නුග පත් යුෂ නානුද තෙල්ද ගා ස්නානය මැනවි.
රැකී රක්ෂා සඳහා පිටත්ව යාම
අප්‍රේල් මස 19 වැනි සඳුදා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි සහ ගිතෙල් මිශ්‍ර කිරිබතක් අනුභව කර පූර්වභාග 6.39ට දකුණු දිසාව බලා පිටත්ව යෑම මැනවි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd