ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් එළැඹෙන නොවැම්බර් 03 වැනිදා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා පත්ව සිටින නව නේවාසික නියෝජිත සර්වන් ජහාන් (Sarwat Jahan) තම සේවා කාලය අවසන් කර ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත ටුබගස් ෆෙරිධනු සෙට්‍යාවන් (Tubagus Feridhanusetyawan) යන මහත්ම මහත්මීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ ඉකුත් දා පැවැත්වුණු අතර, එහිදී මේ බව සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd